අද සිට රු.130ට පොල් සතොසින්

අද සිට රු.130ට පොල් සතොසින්

අද (09) සිට දෛනිකව පොල් ගෙඩි ලක්ෂ දෙකක් ලක්සතොස හරහා අලෙවිකරන බව වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පවසනවා.

එම පොල් ගෙඩියක් රුපියල් 130 කට අලෙවි කරනු ඇති බව සඳහන්.

අමාත්‍යවරයා සඳහන් කළේ, කොළඹ ඇතුළු නාගරික ප්‍රදේශවල සතොස ශාඛාවලින් එම පොල් මිලට ගැනීමට පාරිභෝගිකයින්ට අවස්ථාව හිමිවන බවයි.

රජය සතු වතුවලට අයත් පොල් ලක් සතොස හරහා මෙලෙස පාරිභෝගිකයින්ට අලෙවි කරන බව ඔහු සඳහන් කළා.

මෙතෙක් ලක්සතොස හරහා අලෙවි කෙරුණේ දෛනිකව පොල් ගෙඩි ලක්ෂයක් පමණයි.

Share This