සිම්බාබ්වේ ජනාධිපතිවරයා ලෙස නැවතත් එමර්සන් ම්නන්ගග්වා පත්වෙයි: ඡන්ද ප්‍රතිශතය සියය 52.6 ක්.

MonaraMonara

2023 අගෝස්තු මස 19 වනදා පැවැති මැතිවරණ රැළියක් Image - REUTERS

සිම්බාබ්වේ නව ජනාධිපතිවරයා ලෙස හිටපු ජනාධිපති එමර්සන් ම්නන්ගග්වා තේරී පත් වී තිබෙනවා.

ඒ, සියයට 52.6ක ඡන්ද ප්‍රතිශතයක් ලබා ගනිමින්. වි

පක්ෂයේ ප්‍රධාන අපේක්ෂකයා වූ නෙල්සන් චාමිසා සියයට 44 ක ඡන්ද ප්‍රතිශතයක් ලබා ගත් බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ.

පසුගිය බදදා (23) ඡන්ද ප්‍රකාශ කිරීම අවසන් කිරීමට සැලසුම් කර තිබුණ ද, ඡන්ද පත්‍රිකා මුද්‍රණයේ ගැටලු සහ ප්‍රමාදයන් හේතුවෙන් එය දින දෙකක් සිදු කෙරුණා.

2017 වසරේ දී බලයට පත් වූ එමර්සන් ම්නන්ගග්වාගේ දෙවන සහ අවසන් ධුර කාලය මෙය වනවා.

මෙවර ජනාධිපතිවරණය සඳහා මිලියන 6.62 ක ඡන්ද දායකයින් පිරිසක් ලියාපදිංචි වී සිටි බව සඳහන්.

එම මැතිවරණයට ඉදිරිපත් වූ අපේක්ෂකයන් ගණන 10ක් බවයි විදෙස් මාධ්‍ය වාර්තා වැඩිදුරටත් සඳහන් කළේ.