ඉන්දියාව XpoSat අභ්‍යවකාශ මෙහෙයුම දියත් කරයි: කළු කුහර අධ්‍යයනය කිරීම අරමුණයි
ඉන්දියාවේ අභ්‍යවකාශ ඒජන්සිය මගින් කළු කුහර වැනි විද්‍යාත්මක වස්තූන් අධ්‍යයනය කරන නිරීක්ෂණාගාරයක් රැගත් රොකට්ටුවක් සාර්ථකව අභ්‍යවකාශගත කර තිබෙනවා.
එය ශ්‍රීහරිකෝටා අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙන් දියත් කළ බවයි ඉන්දීය වාර්තා සඳහන් කළේ.
නාසා ආයතනය 2021 දී දියත් කළ මෙහෙයුමෙන් පසු කළු කුහර සොයා යන ලෝකයේ මෙවැනි ආකාරයේ දෙවන මෙහෙයුම මෙයයි.
ඉන්දීය අභ්‍යවකාශ ඒජන්සිය (Isro) පැවසුවේ විද්‍යාඥයින්ට ඔවුන්ගේ කළු කුහර පිළිබඳ දැනුම වැඩිදියුණු කිරීමට උපකාර කිරීමට අවශ්‍ය බවයි.
Isro හි චන්ද්‍රිකාව - X-ray Polarimeter Satellite (XPoSat) ලෙස නම් කර ඇති අතර, ඉන්දීය රුපියල් මිලියන 250ක (ඩොලර් මිලියන 30ක්; පවුම් මිලියන 23.5ක්) වියදමින් ඉදිකර තිබෙනවා. XPoSat චන්ද්‍රිකාවේ ආයු කාලය වසර පහක් බව සඳහන්.
X-ray Polarimeter Satellite දියත් කිරීම සිදු වන්නේ ඉස්රෝ සඳහා අති සාර්ථක වසරකට පසුවයි.
අගෝස්තු මාසයේදී, ඉන්දීය අභ්‍යවකාශ ඒජන්සිය චන්ද්‍රයාන්-3 චන්ද්‍ර ගවේශන යානය චන්ද්‍රයාගේ දක්ෂිණ ධ්රැව කලාපය ආසන්නයට සාර්ථකව ගොඩ බැස්සවූ අතර, එය මීට පෙර කිසිවෙක් ළඟා නොවූ ප්‍රදේශයක්.
ඉන් දින කිහිපයකට පසු, එය සූර්යයා වෙත එහි පළමු නිරීක්ෂණ මෙහෙයුම Aditya-L1 දියත් කළා
X-ray Polarimeter Satellite දියත් කිරීම ඉස්රෝ විසින් මේ වසරේ සිදු කිරීමට සැලසුම් කර ඇති ව්‍යාපෘති කිහිපයකින් එකක් පමණක් බව සඳහන්.