පැය තුනකට වඩා අයිස් පෙට්ටියකට වී අධික ශීතල විඳ දරාගෙන ගිනස් පොතට ගිය කත: වෛද්‍ය පරීක්ෂණ රැසකටත් මුහුණදීලා

MonaraMonara

ඡායාරූප : guinness world record

ඔයාට පුළුවන්ද පැය ගාණක් අයිස් පුරවපු පෙට්ටියකට වෙලා ඉන්න.

මේ කියන්නෙ හිම සහිත කාලගුණික වටපිටාවක වෙසෙන ආකාරයේ දෙයක් ගැන නම් නෙවෙයි.

තනිකරම අයිස් කුට්ටි ගොඩක් සම්පූර්ණ ශරීරයේම ස්පර්ශ වන පරිදි පැය ගාණක් ''අයිස් පෙට්ටියකට'' වෙලා ඉන්න එක ගැන.

එහෙම ඉන්න පුළුවන්ද කියලා එක පාරටම හිතුණා නේද.

ඉතින් මේ කියන්න යන්නෙ එහෙම ඉඳලා තියපු ගිනස් වාර්තාවක් ගැන.

වාර්තාව තබා තිබුණේ පෝලන්තයේ Katarzyna Jakubowska නම් කාන්තාව.

ඡායාරූප : guinness world recordඡායාරූප : guinness world record

ඡායාරූප : guinness world record

ඇය සම්පූර්ණ අයිස් පිරවූ පෙට්ටියක් තුළ සිටගෙන හුන් කාලය පැය තුනකට වැඩියි.

ගිනස් වාර්තාවන්ට අනුව එවන් කාලයක් අධික සීතල දරාගෙන සිටීමට තරම් සමත්කම් දැක්වූ පළමු කාන්තාව ඇය යි.

48 හැවිරිදි ඇය පැය 3 විනාඩි 6 තත්පර 45 ක කාලයක් මෙලෙස ගතකර ඇති බව සඳහන්.

ඒ දීර්ඝතම කාලයක්, අයිස් පූර්ණ ශරීර ස්පර්ශය සඳහා වන ලෝක වාර්තාවට හිමිකම් කියමින්.

ඡායාරූප : guinness world recordඡායාරූප : guinness world record

ඡායාරූප : guinness world record

මීට ඉහත එහි පිරිමි වාර්තාව තබා තිබුණේ පැය 1 විනාඩි 53 ක කාලයක් අයිස් තුළ සිටිමින්.

ගිනස් වාර්තාව තැබූ Katarzyna පවසා තිබුණේ ඇය මෙම වාර්තාව තැබුවේ තමන්ව පරීක්ෂා කරගැනීමට සහ මෙවන් අයිස් අභියෝග සඳහා වැඩි කාන්තා සහභාගිත්වයක් ලබාදීමට දිරිමත් කිරීම උදෙසා වන බවයි.

ඡායාරූප : guinness world recordඡායාරූප : guinness world record

ඡායාරූප : guinness world record

වාර්තා වන හැටියට ඇය මෙම උත්සාහය ගැනීමට පෙරාතුව සෞඛ්‍ය සම්බන්ධයෙන් දැඩිව සැලකිලිමත් වූ බව සඳහන්. ඒ විවිධ වෛද්‍ය පරීක්ෂණවලට බඳුන් වෙමින්.

ඒ අනුව අභියෝගයට සාර්ථකව මුහුණදීම සඳහා තෙවරක් පුහුණු වට පවත්වමින් උත්සාහ කළ බව සඳහන්.

ඇයගේ අනෙකුත් සූදානම් වීම් අතරට ඔක්සිජන් ප්‍රතිකාරයන් ,සම්බාහනය සහ ධනාත්මක මානසිකත්වය යනාදිය ඇතුළත්.

ගිනස් වාර්තාවෙන් අනතුරුව ඇය සඳහන් කර තිබුණේ මෙම උත්සාහය තුළදී තමාට කිසිදු වේදනාවක් හෝ අපහසුතාවක් නොදැනුණු බවක්.