‘වැග්නර්‘ කුලී හමුදාව ත්‍රස්ත සංවිධානයක්: එක්සත් රාජධානිය ප්‍රකාශයට පත්කරයි
රුසියානු කුලී හේවා කණ්ඩායමක්වන වැග්නර් හමුදාව ත්‍රස්ත සංවිධානයක් ලෙස ප්‍රකාශයට පත්කිරීමට එක්සත් රාජධානිය කටයුතු කර තිබෙනවා.
මින් ඉදිරියට එක්සත් රාජධානිය තුළ වැග්නර් සංවිධානයට සහය දැක්වීම හෝ එම සංවිධානයේ සාමාජිකයෙකු ලෙස කටයුතු කිරීම නීති විරෝධී වනු ඇති.
එමෙන්ම බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත කෙටුම්පතක් මගින් වැග්නර් හමුදාව සතු වත්කම් ත්‍රස්තවාදී දේපළ ලෙස සලකා අත්පත් කරගැනීමට ඉඩ ලබාදෙන බවයි එරට ස්වදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේ.
එරට ස්වදේශ ලේකම්වරියවන සුවාලා බ්‍රවර්මන් පවසන්නේ වැග්නර් හමුදාව යුක්රේන ජනාධිපති ව්ලැඩ්මීර් පුටින්ගේ ප්රචණ්ඩ සහ විනාශකාරී හමුදා මෙවලමක් බවයි.