යුද හමුදා සන්නද්ධ රථයක් පෙරළේ: මැරීන් භටයෙකු මිය ගොස් 14 දෙනෙකුට තුවාල

MonaraMonara

Cpl. Jamin Powell

කැලිෆෝනියාවේ පෙන්ඩල්ටන් කඳවුරේදී යුද හමුදා සන්නද්ධ රථයක් පෙරළීමෙන් එක්සත් ජනපද මැරීන් භටයෙකු මිය ගොස් තවත් 14 දෙනෙකු තුවාල ලබා ඇති බව වාර්තා වනවා.

අමෙරිකානු මැරීන් බළකාය පැවසුවේ පුහුණුවීම් අතරතුර මෙම අනතුර සිදුවී ඇති බවයි.

මියගිය මැරීන් භටයාගේ අනන්‍යතාව ප්‍රසිද්ධ කර නැති අතර, තුවාල ලැබූවන් ප්‍රතිකාර සඳහා රෝහල්ගත කළ බව හමුදාව පවසනවා.

එක්සත් ජනපද හමුදා නිලධාරීන් සම්බන්ධ පුහුණු අනතුරු දැඩි පරීක්ෂාවට කෙරෙන අතර, පසුගිය මාසයේ ජපානයේ වෙරළට ඔබ්බෙන් වූ Tilt-rotor V-22 Osprey ගුවන් යානයක් අනතුරට ලක්වීමෙන් පුද්ගලයන් අට දෙනෙකු මිය ගියා.

එම කඩා වැටීම V-22 Osprey ගුවන් යානාවල ආරක්ෂාව පිළිබඳ ජපන් රජය කලත් තිස්සේ කළ ඉල්ලීම් අලුත් කළ අතර ඉන් අනතුරුව එක්සත් ජනපද හමුදාව එහි V-22 Osprey යානා සියල්ල සම්පූර්ණයෙන්ම බිම්ගත කිරීමට හේතු වුණා.

පසුගිය වසරේ උතුරු කැරොලිනාවේ ලෙජූන් කඳවුර අසලදී හමුදා ට්‍රක් රථයක් පෙරලීමෙන් එක්සත් ජනපද මැරීන් භටයින් දෙදෙනෙකු මිය ගොස් තවත් 17 දෙනෙකු තුවාල ලබා තිබුණා.