ලොව විශා­ල­තම ගුව­න්තො­ටු­පොළ සෞදි අරා­බියේ: නව ගුව­න්තො­ටු­පොළ ආශ්‍රි­තව රැකියා එක්ලක්ෂ පන­ස්ද­හ­සක්

MonaraMonara

වස­ර­කට මගීන් මිලි­යන 120ක් සංචා­රය කිරීමේ පහ­සුව සල­සන ධාවන පථ 6කින් සම­න්වි­තව ලොව විශා­ල­තම ගුව­න්තො­ටු­පොළ සෞදි අරා­බියේ ඉදිකර­මින් පව­තින බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

සෞදි අරා­බියේ රියාද් නුවර වර්ග කිලෝ­මී­ටර් 57ක වප­ස­රි­ය­කින් යුතුව ඉදි කෙරෙන එම ගුවන් තොටු­පොළ ‘කිං සල්මාන්‘ ජාත්‍ය­න්තර ගුව­න්තො­ටු­පොළ ලෙස නම් කර ඇති අතර, වසර 2030 දී ගුවන් මෙහෙ­යුම් ආරම්භ කිරී­මට නිය­මිත බව ද වාර්තා වනවා.

රියාද් නුවර ලොව හොඳම ආර්ථික නගර 10 අත­රට එක් කිරීමේ අර­මුණින් එම ගුව­න්තො­ටු­පොළ ව්‍යාපෘ­තිය ආරම්භ කර ඇති අතර, ඊට සාපේ­ක්ෂව 2030 දී රියාද් ජන­ග­හ­නය මිලි­යන 15-20 ප්‍රමා­ණ­ය­කින් ඉහළ යනු ඇතැයි ද වාර්තා වනවා.

ගුව­න්තො­ටු­පොළ ආශ්‍රි­තව රැකියා එක්ලක්ෂ පන­ස්ද­හ­සක් උත්පා­ද­නයටද සෞදි අරා­බිය අපේක්ෂා කරන බව වැඩි­දු­ර­ටත් වාර්තා වනවා.