16 හැවිරිදි දැරියකගේ හුස්ම හිර කළ TikTok අභියෝගය: Scarf Game යනු හුස්ම ගැනීමට අපහසු වන තෙක් ගෙල වටා රෙදි වෙලා ගැනීමෙන් මුහුණ දෙනු ලබන අභියෝගයක්. ඒ අනුව Gassaille මෙම මරණීය අභියෝගයේ කොටස්කාරියක් වෙමින් අවසන් ගමන් යනවා.

MonaraMonara

ඡායාරූප : New York Post

Colombo (Monara) June 11 - මෑත කාලීනව ශීඝ්‍රයෙන් තරුණ පිරිස් අතර වඩාත් ජනප්‍රිය වූ සමාජ මාධ්‍ය වේදිකාවකි TikTok.

එය කෙතරම් ප්‍රචලිත ද යත් උන්මාදයක් තරමට තරුණ පිරිස් අතර පැතිර ගොස් අවසන්.

ඇතැම් රටවල් TikTok තහනම් කිරීමට පවා යොමුවුණේ ඉන් ලැබෙන ධනාත්මක දේට වඩා සෘණාත්මක දෑ වැඩි නිසාවෙන්.

ප්‍රංශයෙන් වාර්තා වන මේ කතාවත් එවැන්නක්.

TikTok අභියෝගයක් 16 හැවිරිදි දැරියකට මරණය කැන්දනවා.

ඇය මරණයට පත් කළ මෙම අභියෝගය නම් TikTok හරහා වඩාත් ප්‍රචලිත වූ “ස්කාෆ් ගේම්” (Scarf Game) නම් අභියෝගයයි.

විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ මෙම අභියෝගය ගෙවුණු වසර පුරා ජීවිත කිහිපයක් බිල්ලට ගත් තවත් මාරාන්තික අභියෝගයක් වූ “බ්ලැක්අවුට් අභියෝගයේ”ම (blackout challenge) ප්‍රභේදයක් වන බවයි.

ඒ අනුව කොංගෝහි උපත ලද Christy Sibali Dominique Gloire Gassaille නම් දැරිය මිය යන්නේ සිය නිවසේ සිට Scarf Game අභියෝගය අත්හදා බැලීමට යාමෙන් අනතුරුවයි.

ඡායාරූප : New York Postඡායාරූප : New York Post

Scarf Game අභියෝගයට මුහුණ දී මරණයට පත් වූ ප්‍රංශ දැරිය ඡායාරූප : New York Post

Scarf Game යනු හුස්ම ගැනීමට අපහසු වන තෙක් ගෙල වටා රෙදි වෙළා ගැනීමෙන් මුහුණ දෙනු ලබන අභියෝගයක්.

ඒ අනුව Gassaille මෙම මරණීය අභියෝගයේ කොටස්කාරියක් වෙමින් අවසන් ගමන් යනවා.

වෛද්‍යවරුන් පෙන්වා දෙන්නේ මෙම අභියෝගය මඟින් මොළයේ ක්‍රියාකාරිත්වය අකර්මණ්‍ය වීම ඇගේ මරණයට හේතු වී ඇති බවයි.

විදෙස් මාධ්‍ය පවසන්නේ මෙම මරණය වාර්තා වූයේ මෑතකදී TikTok අභියෝග අත්හදා බැලීමෙන් වාර්තා වූ මරණ කිහිපයකට පසුව බවයි.

ඒ අතර "බ්ලැක්අවුට් අභියෝගයට'' මුහුණදුන් 12 හැවිරිදි සෝටෝ නම් දැරියගේ මරණය මෑතක දී වඩාත් කතාබහට ලක්වුණා.

ඡායාරූප : New York Postඡායාරූප : New York Post

ඡායාරූප : New York Post