ප්‍රාණ ඇපයේ සිටි සිව් හැවිරිදි දරුවා පොලීසියට: හැම්බර්ග් ගුවන් තොටුපළ නිදහස්
ජර්මනියේ හැම්බර්ග් නුවර, ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ ප්‍රාණ ඇපකරු සිද්ධිය අවසන් වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
සිද්ධියට අදාල 35 හැවිරිදි පියා පොලීසිය අත්අඩංගුවට ගත් බවයි ජර්මන් පුවත් සේවා වාර්තා කරන්නේ.
එම තැතැත්තා සමඟ සිටි සිව් හැවිරිදි ඔහුගේ දියණිය ද පොලිස් බාරයට ගෙන ඇති අතර ඇයට කිසිදු අනතුරක් නොමැති බව පෙලීසිය නිවේදනය කළ බවට එම පුවත් සේවය වාර්තා කරනවා.
පවුල් ආරවුලක් හේතුවෙන්, අදාළ පුද්ගලයා සිය මෝටර් රථයෙන් ගුවන්තොටුපොළට කඩා වැදී ගුවන් යානයක් හරස් කිරීමත්, ගුවන් තොටුපොළේ කටයුතුවලට බාධා කිරීමත් සමඟ මෙම ප්‍රාණ ඇපකරු සිද්ධිය ආරම්භ වුණා.
කෙසේවෙතත් ගුවන් තොටුපළ වෙත පැමිණි පුද්ගලයා මෙලෙස හැසිරී ඇත්තේ සිය දරුවාගේ භාරකාර ආරවුලක් හේතුවෙන් බවයි දරුවාගේ මව පොලීසියට පවසා ඇත්තේ.
පොලීසිය එම පුද්ගලයා සමග පැය 18ක් සාකච්ඡා පවත්වා අවසානයේ ඔහු යටත් කර ගැනීමට සමත් වූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
මෝටර් රථයෙන් පිටතට ආ තරුණයා කිසිදු විරෝධතාවක් නොමැතිව පොලීසියට භාරවූ බව ද ජර්මන් මාධ්‍ය වැඩිදුරටත් අනාවරණ කරනවා.
අදාළ සිද්ධිය හේතුවෙන් ජර්මනියේ හැම්බර්ග් ගුවන් තොටුපළ, සියලුම ගුවන්ගත කිරීම් සහ ගොඩබෑම සඳහා වසා දමා තිබුණා.
මේ හේතුවෙන් ගුවන් ගමන් 27කට බලපෑම් එල්ල වූ බවට ගුවන් තොටුපළ ප්‍රකාශයෙකු පැවසූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණේ.