බයිඩ්න් පරිපාලනය අමෙරිකානුවන්ගෙන් ඉල්ලීමක් කරයි: COVID සිව්වැනි බූස්ටර් එන්නත ලබා ගන්න යැයි දැනුම්දෙයි

MonaraMonara

ඡායාරූප සහ මූලාශ්‍රය -www.reuters.com

2020 වසර අග භාගයේ දී චීනයේ වූහාන් නගරය කේන්ද්‍ර කරගනිමින් පැතිර ගිය කොරෝනා වෛරසය හේතුවෙන් ගෝලීය වශයෙන් සෑම රාජ්‍යයක් ම පාහේ දැඩි ලෙස පීඩාවට පත් වූ අතර, යළිත් එම වෛරසය පාලනය කිරීමට ලබා දුන් කොවිඩ් 19 එන්නත සම්බන්ධයෙන් දැඩි කතාබහක් මතුව තිබෙනවා.

රොයිටර්ස් පුවත් සේවය වාර්තා කර ඇත්තේ වත්මන් අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න්ගේ පරිපාලනය විසින් සිය රට වැසියන්ගෙන් කාරුණික ඉල්ලීමක් සිදු කර ඇති බවයි.

ඒ කොවිඩ් වෛරසයෙහි යම් කිරීටකයින් පැවතිය හැකි බැවින් සහ නව ආසාදන රැල්ලක් ඒමට පෙර ඊට මුහුණදීමට පෙර සූදානමක් ලෙස බූස්ටර් එන්නත ලබා ගැනීම සිදු කිරීම අතිශය වැදගත් බවටයි අමෙරිකානු රාජ්‍ය සෞඛ්‍ය බලධාරීන් අවධාරණය කර සිටින්නේ.

සරත් සෘතුව එළඹීමට පෙර අදාළ එන්නත්කරණයට ලක්වීම සිදු කළ යුතු බවටයි අමෙරිකානුවන්ට එරට සෞඛ්‍ය අංශ දැනුම්දී තිබෙන්නේ.

ධවල මන්දිර ප්‍රකාශකයෙක් සඳහන් කර ඇත්තේ එරට තුළ යළිත් කොරෝනා වෛරසය හිස එසවීමට පෙර මෙම තීරණය ගැනීමට ජනාධිපතිවරයා උපදෙස් ලබා දී ඇති බවයි.

එමෙන්ම මේ වනවිට එරට රෝග පාලනය සහ වැළැක්වීමේ මධ්‍යස්ථානය මගින් නිකුත් කරන ලද දෛනික කොරෝනා ආසාදිත රෝගීන්ගේ සංඛ්‍යාවේ යම් වර්ධනයක් පෙන්නුම් කරන බැවින් එය පාලනයට මෙම පියවර ගැනීමේ අත්‍යවශ්‍යතාව පෙනී ගොස් ඇති බවයි.

ඒ අනුව අමෙරිකානු සෞඛ්‍ය අංශ විසින් සිව්වැනි බූස්ටර් එන්නත ලෙස ලබාගැනීමට Moderna එන්නත නිර්දේශ කර තිබෙනවා.

මෙම එන්නත සිව්වැනි බූස්ටරයකින් ශරීරයට ලබා දිය යුතු ප්‍රතිශක්තීකරණ ශක්තිය "Eris" සහ "Fornax" උප ප්‍රභේදවලට බලපෑම් කරමින් ගොඩනැගෙන බව ද වාර්තා කර තිබෙනවා.