හෙන්ක් කුණාටුව: බ්‍රිතාන්‍යයට පහර දෙමින් මාර්ග, පාලම් සහ දුම්රිය මාර්ග අවහිර කරයි

MonaraMonara

2024 වසරේ ප්‍රථම වරට නම් කරන ලද කුණාටුව හෙන්ක් දකුණු බ්‍රිතාන්‍යයේ ප්‍රදේශ හරහා හමා ගොස් තිබෙනවා.

පැයට සැතපුම් 81ක පමණ වේගයකින් හමා එන සුළං හේතුවෙන් ගොඩනැගිලිවල වහල ගැලවී ගොස් , නිවාස දහස් ගණනකට විදුලිය විසන්ධි වී ඇති බව සඳහන්.

තද සුළං සහ අධික වර්ෂාව නිසා මාර්ගවලට ගස් කඩා වැටී සුළං හේතුවෙන් දුම්රිය මාර්ග සහ මාර්ග අවහිර වී ඇති තර, දුම්රිය සමාගම් කිහිපයක් ජනතාවට දුම්රිය භාවිත නොකර සිටින ලෙස ඉල්ලා තිබෙනවා.

කුණාටුවෙන් බලපෑමට ලක් වූ වෙරළබඩ ප්‍රදේශවලින් ඉවත්ව සිටින ලෙස කාලගුණ කාර්යාලය ජනතාවගෙන් ඉල්ලා සිටි අතර අත්‍යවශ්‍ය නම් හැර සමහර ප්‍රදේශවල සංචාරය කිරීමෙන් වළකින ලෙසයි පොලිසිය උපදෙස් දී ඇත්තේ.