අයර්ලන්තයට ඩෙබිගෙන් දැඩි බාධා: නිවෙස්වලටම වී සිටින්නැයි අනතුරු ඇඟවීම්

MonaraMonara

ඡායාරූප : PA MEDIA

උතුරු අයර්ලන්තය හරහා තද සුළං සහ අධික වර්ෂාපතනයක් ඇති කරමින් ඩෙබි කුණාටුව (Debi) ගොඩබිමට පැමිණ තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

එබැවින් අනවශ්‍ය ගමන් බිමන්වලින් වැළකී නිවෙස්වලට වී සිටින ලෙසයි බලධාරීන් ජනතාවට අවධාරණය කර ඇත්තේ.

අයර්ලන්ත ජනරජයේ, රතු අනතුරු ඇඟවීම් ප්‍රාන්ත 14ක් සඳහා නිකුත් කර ඇති බවත් සඳහන්.

එරට කාලගුණ විද්‍යා අංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ ගංවතුර, අනතුරුදායක රිය පැදවීමේ තත්ත්වයන් සහ ගස් කඩා වැටීමේ අවධානමක් ඇතිවිය හැකි බවයි.

ඩෙබි කුණාටුව ගොඩබිමට පැමිණීමෙන් පසු මාර්ග ද වසා දමා ඇති අතර පොදු ප්‍රවාහන ජාලයට බාධා පවතින බවත් සඳහන් වනවා.