සර්බියානු පොලිසිය හදිසි මෙහෙයුමක: සංක්‍රමණිකයන් 738 ක් අත්අඩංගුවට
පසුගිය සතියේ සර්බියානු පොලිසිය රටපුරා මෙහෙයුමක් දියත් කළා.
ඒ, සංක්‍රමණිකයන් තිදෙනෙකු මිය ගිය වෙඩි හුවමාරුවකින් අනතුරුව බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
එහිදී රටේ උතුරු සහ නැගෙනහිර ප්‍රදේශවල සිදුකළ වැටලීම් කිහිපයකදී සර්බියානු පොලිසිය සංක්‍රමණිකයන් 738 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්.
මෙම විශේෂ මෙහෙයුමේදී මෝටර් රථ 5,000 කට අධික සංඛ්‍යාවක් සහ නිවාස 32 ක් සෝදිසි කර තිබෙනවා.
පසුගිය සතියේ හංගේරියාව සමග සර්බියාවේ දේශසීමා ආසන්නයේ සිදු වූ වෙඩි හුවමාරුවකින් සංක්‍රමණිකයන් තිදෙනෙකු මිය ගිය අතර, එය යුරෝපීය සංගමයට ඇතුළුවීම සඳහා මිනිස් ජාවාරම්කරුවන් වැඩි වැඩියෙන් භාවිත කරන මාර්ගයක්.
ඉදිරි දිනවලදී, නීතිවිරෝධී සංක්‍රමණ මැඩපැවැත්වීම සඳහා පොලිසිය පියවර ගන්නා අතර හමුදාව යොදවනු ඇති බවට සඳහන් කර තිබෙනවා. .