ඩබ්ලින්හි පිහි ඇනුමක්: කුඩා ළමුන් තිදෙනෙක් ඇතුලු පහකට තුවාල
අයර්ලන්තයේ ඩබ්ලින්හි පිහි ප්‍රහාරයකින් කුඩා ළමුන් තිදෙනෙකු ඇතුලු පස් දෙනෙකු තුවාල ලබා තිබෙනවා.
ඉන් අනතුරුව නගර මධ්‍යයේ විශාල විරෝධතාවක් ඇතිවූ බවයි විදෙස් වාර්තා පවසන්නේ.
නමුත් මෙම ක්‍රියාවන් ත්‍රස්තවාදයට සම්බන්ධ විය හැකිද යන්න පිළිබඳව එරට පොලීසිය පරීක්ෂණ පවත්වන බව සඳහන්.
වයස අවුරුදු 40 ක පුද්ගලයෙකු විසින් මෙම පිහි ප්‍රහාරය සිදු කර ඇති අතර ඔහු මේ වන විට පොලිස් අත්අඩංගුවේ පසුවනවා.
ඩබ්ලින්හි ඕ'කොනල් වීදියේ ප්‍රධාන මංසන්ධිය අසලින් ප්‍රහාරය සිදු වූ ස්ථානයට පැමිණි කැරලි මර්දන පොලිසිය සහ සංක්‍රමණ විරෝධී විරෝධතාකරුවන් අතර ඇති වූ ගැටුම් හේතුවෙන් පොදු ප්‍රවාහනය අත්හිටුවා ඇති අතර, කලහකාරී ලෙස හැසිරුනු විරෝධතාකරුවන් බස් රථ පුළුස්සමින්, මාර්ගය දෙපස කඩ සාප්පුවලට හානි සිදු කර ඇති බවයි වාර්තා වන්නේ.
ඩබ්ලින්හි මෙවැනි කැරලි පෙර නොවූ විරූ තරම් වූවත් පසුගිය වසර තුළ කුඩා සංක්‍රමණ විරෝධී විරෝධතා වර්ධනය වී තිබෙනවා.
සිද්ධිය පිළිබඳව පරීක්ෂන පවත්වමින් ඩබ්ලින්හි ආරක්ෂාව දැඩි කර ඇති බවයි විදෙස් වාර්තා පවසන්නේ.