ප්‍රවෘත්ති විකෘති කළැයි මාධ්‍යවේදියෙක්ට වැඩ වරදියි: වසර ගණනාවක් පුරා නවසීලන්ත වැසියන්ගේ මාධ්‍ය කෙරෙහි ඇති විශ්වාසය ක්‍රමානුකූලව පහත වැටී ඇති අතර මෙවන් පුවත් එම විශ්වාසය තවදුරටත් අඩපණ කරනු ඇති බව විදෙස් මාධ්‍ය පෙන්වා දෙනවා.

MonaraMonara

ඡායාරූප : msn.com

Colombo (Monara) June 13 - යුක්රේන යුද්ධය පිළිබඳව ව්‍යාජ පුවත් ප්‍රචාරය කළ බවට එල්ල වූ චෝදනා මත රජයේ ගුවන්විදුලි සේවයක් වූ රේඩියෝ නිව්සීලන්ඩ්හි (Radio New Zealand - RNZ) ප්‍රධානියකු අනිවාර්ය නිවාඩු යවා ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා.

මෙම සිදුවීම ගැන විමර්ශනයක් පවත්වන බවයි එරට බලධාරීන් ප්‍රකාශ කර ඇත්තේ.

ඒ අනුව පසුගිය කාලය තුළ එම සේවය ව්‍යාජ පුවත් 15ක් පමණ ප්‍රචාරය කර ඇති බව වාර්තා වෙනවා.

නවසීලන්ත ගුවන්විදුලි සේවය යුක්රේන යුද්ධයෙන් පිටත මාතෘකා ඇතුළත් කරමිනුයි පුවත් සංස්කරණය කිරීම සිදුකර ඇත්තේ.

විදෙස් මාධ්‍ය පවසන්නේ RNZ සේවයට මෙම තත්ත්වය අසුබවාදී ලෙස බලපාන බවත් එය සමස්ත මාධ්‍යයට ද අසත්‍ය තොරතුරු සමාජගත කිරීම සම්බන්ධයෙන් බලපානු ඇති බවයි.

වසර ගණනාවක් පුරා නවසීලන්ත වැසියන්ගේ මාධ්‍ය කෙරෙහි ඇති විශ්වාසය ක්‍රමානුකූලව පහත වැටී ඇති අතර මෙවන් පුවත් එම විශ්වාසය තවදුරටත් අඩපණ කරනු ඇති බව විදෙස් මාධ්‍ය පෙන්වා දෙනවා.

යුක්රේන යුද්ධය පිළිබඳ පුවත් පමණක් නොව සංක්‍රාන්ති ලිංගික සහ ස්ත්‍රී පුරුෂ අනන්‍යතා පිළිබඳ පුවත් ද ව්‍යාජ ලෙස සංස්කරණය කර ප්‍රචාරය කිරීම සම්බන්ධව මෙම සේවයට එරෙහිව සාක්ෂි ලැබී ඇතැයි විදෙස් මාධ්‍ය පවසන අතර එම ව්‍යාජ පුවත් සංස්කරණයන් පසුපස ඇත්තේ එක් අයෙක් බවයි සඳහන් කරන්නේ.