චීනයට යන චීන පැන්ඩා: අවසන් සත්වයා 2024 වසරේදී පිටවේ
අමෙරිකාවේ වොෂින්ටන් හි ජාතික සත්වෝද්‍යානයේ සිටි යෝධ පැන්ඩාවන් තිදෙනෙකු වසර 23 කට පසු නැවත චීනයට භාර දී තිබෙනවා.
චීනය සිය පළමු යෝධ පැන්ඩා එක්සත් ජනපදයට ලබා දී ඇත්තේ, 1972 වසරේදී එවක ජනාධිපති රිචඩ් නික්සන් විසින් දෙරටේ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා නැවත ආරම්භ කිරීමෙන් පසුවයි.
අමෙරිකාවේ Memphis සහ San Diego හි සත්වෝද්‍යාන ඔවුන්ගේ පැන්ඩාවන් නැවත චීනයට ආපසු ලබා දී ඇති අතර, ඊට ප්‍රථම ජනතාව පැමිණ අවසන් වරට මෙම යෝධ පැන්ඩාවන් නැරඹීමට එක්ව තිබෙනවා.
රට තුළ ඉතිරිව ඇති ඇට්ලන්ටා සත්වෝද්‍යානයේ සිටින එකම යෝධ පැන්ඩා 2024 ආරම්භයේදී නැවත චීනයට යනු ඇති.