පාකිස්තානයේ ඉන්ධන මිල වාර්තා බිඳ දමයි: ලීටරයක් රුපියල් 330 ඉක්මවයි

MonaraMonara

පාකිස්තාන භාරකාර අගමැති අන්වාරුල් හක් කකාර්ගේ අවසරයෙන් පසු මුදල් අමාත්‍යාංශය පසුගියදා පෙට්‍රල් මිල රුපියල් 26.02 කින් සහ ඩීසල් ලීටරයක මිල රුපියල් 17.34 කින් වැඩි කරන බව නිවේදනය කළා.

මෙලෙස ඉන්ධන මිල ඉහළ නැංවීම සිදු වන්නේ අගෝස්තු මාසයේ උද්ධමන අනුපාතය සියයට 27.4 කට වඩා වැඩි වීමත් සමඟයි.

මේ හරහා මහජනතාව මත දරාගත නොහැකි බරක් පටවා ඇති බව විචාරකයන් පවසනවා.

ජාත්‍යන්තර වෙළෙඳපොළේ ඛනිජ තෙල් මිල ඉහළ යාමේ ප්‍රවණතාව හේතුවෙන් ඛනිජ තෙල් නිෂ්පාදනවල පවතින පාරිභෝගික මිල ගණන් සංශෝධනය කිරීමට රජය තීරණය කර ඇති බවයි පාකිස්තාන මුදල් අමාත්‍යාංශය පවසන්නේ.

පාකිස්තාන භාරකාර රජය අගෝස්තු මාසයේ බලයට පත්වීමෙන් පසු පෙට්‍රල් සහ ඩීසල් මිල සියයට 20 කින් ඉහළ ගොස් තිබෙනවා.