මේ යුද්ධයට කාලයයි - සටන්විරාම නැහැ: ඊශ්‍රායල අගමැතිගෙන් දැඩි තීන්දුවක්

MonaraMonara

ඡායාරූපය - AFP/Getty

පර්ල් වරායට බෝම්බ හෙලීමෙන් පසුව හෝ 9/11 ත්‍රස්තවාදී ප්‍රහාරයෙන් පසුව එක්සත් ජනපදය සටන් විරාමයකට එකඟ නොවන්නා සේම, ඔක්තෝබර් 7 වැනිදා සිදු වූ බිහිසුණු ප්‍රහාරයෙන් පසු හමාස් සටන්කාමීන් සමග කිසිදු සටන් විරාමයකට නොයන බව ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු පවසනවා.

සටන් විරාමයක් සම්බන්ධයෙන් ඊශ්‍රායලයේ ස්ථාවරය පැහැදිලි කරමින් ඔහු මේ බව කියා සිටියා.

සටන් විරාමයක් සඳහා වන ඉල්ලීම් යනු ඊශ්‍රායලය හමාස් වෙත යටත් වන ලෙසත්, ත්‍රස්තවාදයට යටත් වන ලෙසත් කරන ඉල්ලීම් බවයි ඔහු පෙන්වා දුන්නේ.

“බයිබලයේ පවසන්නේ ‘සාමයට කාලයක් සහ යුද්ධයට කාලයක්’” ඔහු තවදුරටත් කියා සිටින්නේ “මෙය යුද්ධයකට කාලයයි” යනුවෙන්.

මේ අතර, ඊශ්‍රායලය සහ හමාස් සටන්කාමීන් අතර පවතින යුද්ධයේදී සෑම දිනකම ගාසා තීරයේ ළමයින් 420 කට වැඩි සංඛ්‍යාවක් මිය යන හෝ තුවාල ලබන බව යුනිසෙෆ් විධායක අධ්‍යක්ෂ කැතරින් රසල් පවසනවා.

ළමයින්ට එරෙහිව සිදුකරන ප්‍රචණ්ඩත්වය ගාසා තීරයෙන් ඔබ්බට විහිදී ඇති බවයි ඇය කියා සිටියේ.