නැපෝලියන් බොනපාට්ගේ තොප්පිය යුරෝ මිලියන 1.9කට අලෙවි වෙයි: ගත්තේ කවුරුන්ද යන්න ප්‍රසිද්ධ කර නැහැ!

MonaraMonara

19 වැනි සියවසේ ප්‍රංශය පාලනය කළ නැපෝලියන් බොනපාට්, සිය පාලන සමය තුළ හිස පැලැඳි ඔහුට අයත් තොප්පියක් පැරීසියේ පැවති වෙන්දේසියක දී යුරෝ මිලියන 1.9කට (ඩොලර් මිලියන 2.1ක්; පවුම් මිලියන 1.7ක්) අලෙවි වී තිබෙනවා.

එලෙස අලෙවි වූ බයිකෝන් බ්ලැක් බීවර් ෆීල්ඩ් (bicorne black beaver felt) නැමති තොප්පිය අදාළ වෙන්දේසියේ දී වටිනාකම ලෙස සඳහන් කර තිබුණේ යුරෝ 600,000 සහ යුරෝ 800,000 (£525,850-£701,131) අතර අගයක්.

කෙසේ නමුත්, නැපෝලියන්ගේ අනන්‍යතාවේ අංගයක් වූ තොප්පිය මෙම වෙන්දේසියේ දී මිලට ගත් පුද්ගලයා කවුරුන්ද යන්න ප්‍රසිද්ධ කර නැහැ.

REUTERSREUTERS

තොප්පිය වෙන්දේසියේ තබා තිබූ ආකාරය REUTERS

ඉතිහාසඳයන් පෙන්වා දෙන අන්දමට නැපෝලියන්ගේ අනන්‍යතාව විෂධ කිරීමේ මූලික අංගයක් වන මෙම බයිකෝන් තොප්පි 120ක් පමණ නැපෝලියන් සතුව තිබී තියෙනවා.

නමුත් ඒවායෙන් දැනට ඉතිරිව ඇත්තේ, 20ක් පමණ බව සැලකෙන අතර මේ අයුරින් වෙන්දේසි කළ තොප්පිය ඉකුත් වසරේ දී මිය ගිය කර්මාන්තකරුවෙකු විසින් සිහිවටනයක් ලෙස ළඟ තබා ගත් එකක්.

REUTERSREUTERS

තොප්පිය වෙන්දේසියේ තබා තිබූ ආකාරය REUTERS

ෆොන්ටනෙබ්ලුහි (Fontainebleau) ඔසෙනට් (Osenat) වෙන්දේසි ආයතනය විසින් වෙන්දේසි කරන ලද මෙම තොප්පියෙහි ද නැපෝලියන් 1815 දී එල්බාවලින් පිටුවහල් කිරීමේ සිට ඇන්ටිබේස් වෙත මධ්‍යධරණී මුහුද තරණය කළ කාලය තුළත්, ඔහු නැවත් බලයට පත් වූ අවස්ථාවේ දීත් ඊට සවි කොට තිබූ කුකුළා ලකුණ ද සහිත එකක්.

මෙම වෙන්දේසියේ දී මෙම තොප්පියට අමතරව, නැපෝලියන් 1815 දී වෝටර්ලූහිදී පරාජයට පත් වීමෙන් පසු, ඔහුගේ කරත්තයෙන් කොල්ලකන ලද රිදී පිඟානක් සහ රේසර්, රිදී දත් බුරුසුවක්, කතුර සහ වෙනත් බඩු බාහිරාදිය සමඟ ඔහු සතුව තිබූ ලී වැනටි පෙට්ටියක් ද අලෙවි කිරීම සඳහා තබා තිබුණා.