පුතාගේ මිනීමැරුමට මව වැරදිකාරිය වෙයි: මෙන්න නඩු තීන්දුව

MonaraMonara

තම පුතු විසින් පාසලක සිදුකල වෙඩි තැබීමක් වැලැක්වීමට අපොහොසත් වීම නිසා මිචිගන් ප්‍රාන්තයේ මවක් ස්වේච්ඡාවෙන් මනුෂ්‍ය ඝාතනයක් සම්බන්ධයෙන් වරදකරු බව ජූරි සභාවක් විසින් තීරණය කර තිබෙනවා.

ඔක්ලන්ඩ් ප්‍රාන්ත උසාවියේ තීන්දුව මගින් මනුෂ්‍ය ඝාතන 4 සම්බන්ධයෙන් ඇයට චෝදනා එල්ල වූ අතර ඒ සෑම චෝදනාවක් සඳහාම වසර 15ක උපරිම සිර දඬුවමකට ඇය යටත් වුණා.

2021 නොවැම්බර් 30 වන දින මිචිගන්හි ඔක්ස්ෆර්ඩ් උසස් පාසලේ පන්ති කාමරයේ මිතුරන් හතර දෙනෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් වරදකරු වන ඔවුන්ගේ පුත්‍රයා මේ වනවිට 17 වන වියේ පසුවන බවයි සඳහන් වෙන්නේ.

45 හැවිරිදි මෙම කාන්තාවගේ දරුවා විසින් සිදු කරන ලද සමූහ වෙඩි තැබීමක් සම්බන්ධයෙන් සහ මනුෂ්‍ය ඝාතනයක් සම්බන්ධයෙන් වරදකරු වූ පළමු එක්සත් ජනපද මවද වන බවයි විදෙස් මාධ්‍ය වාර්ථා කරන්නේ.

තම පුතාට තුවක්කුවක් ලඟ තබා ගැනීමට ඉඩ දීමේදි ඇය නොසැලකිලිමත් වූ බවටත්, අනතුරු ඇඟවීමේ සංඥා නොලකා හැරිය බවටත් නඩු පවරන්නන් ඇයට චෝදනා කර තියනවා.

එමෙන්ම ඇගේ ස්වාමිපුරුෂයාද මේ චෝදනාව සම්බන්ධයෙන් වෙනම නඩු විභාගයකට පෙනී සිටින අතර ඔහු මේ සම්බන්ධයෙන් වරද පිලිගෙන තිබෙනවා.