ඕඩර් කළේ ''Milkshake'' එකක් ගෙදරට ආවේ ''මුත්‍රා බඳුනක්'': රියැදුරුගෙන් අදහාගත නොහැකි අනාවරණයක් !
තමන් ඇණවුම් කළ MilkShake එක වෙනුවට ''මුත්‍රා බඳුනක්'' ලැබුණු බවට අමෙරිකාවේ පුද්ගලයෙක් චෝදනා එල්ල කරනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ Utahහි Caleb Woods නම් පුද්ගලයෙකු විසින් මෙම සතිය මුලදී online ආහාර සේවාවක් යටතේ සැන්ඩ්විච්, French fries සහ MilkShake ඇණවුම් කර ඇති බවයි.
අනතුරුව නිවසටම ඇණවුම ලැබීමෙන් පසු තමන් MilkShake පානය කිරීමට සූදානම් වූ අවස්ථාවේදී තමාට ලැබී ඇත්තේ මුත්‍රා බව අනාවරණය වූ බවයි ඔහු චෝදනා කරන්නේ.
මෙලෙස ඇති වූ තත්ත්වය සම්බන්ධයෙන් ඇණවුම ගෙන ආ රියැදුරුව අමතා වූඩ්ස් විසින් චෝදනා කර තිබෙනවා.
රියදුරු එහිදී පවසා ඇත්තේ තමන් පැය ගණනක් එක දිගට රැකියාවේ නියුතු බැවින් ඇතැම් අවස්ථාවල මුත්‍රා කිරීමට බඳුනක් පාවිච්චි කරන බවයි. ඒ අනුව ඉවත දැමිය හැකි ''කෝප්ප'' කිහිපයක් තමා සතුව ඇති බවයි ඔහු පවසා ඇත්තේ.
එහිදී තමාට වූ අතපසුවීමකින් මුත්‍රා බඳුන සමඟ MilkShake එක මාරු වී ඇති බව පවසා අනතුරුව ඔහු වූඩ්ස්ගෙන් සමාව ඉල්ලා තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ අදාළ සිදුවීම නිසා පාරිභෝගිකයාගේ මුදල් යළි ලබාදීමට ද රියදුරා කටයුතු කරැති බවයි.
කෙසේ නමුත් වුඩ්ස් මුහුණ දුන් තත්ත්වය සම්බන්ධයෙන් අදාළ ඔන්ලයින් ආහාර සේවාව සපයන ආයතනය ද ඒ පිළිබඳව අවධානය යොමුකර ඇති අතර සිදුවීම පිළිබඳව විමර්ශනය කරන බවයි අවධාරණය කර ඇත්තේ.
විමර්ශනයට අදාළ ඡායාරූප, වීඩියෝපට සමාගම වෙත එවන ලෙසත් ඔවුන් වුඩ්ස්ගෙන් ඉල්ලා ඇති බව සඳහන්.
''අපි රියදුරු සම්බන්ධව වහාම ක්‍රියාමාර්ගයක් ගෙන ඔහු අප සමඟ ඇති ගිවිසුම අවසන් කළෙමු...'' යන්නෙන් ද අදාළ සමාගම ප්‍රකාශ කර තිබෙනවා.
මේ හා සමානම තවත් සිදුවීමක් පසුගිය වසරේ ද එක්සත් ජනපදයෙන් වාර්තා වූ අතර එහිදී කාන්තාවක් විසින් පිරිමි හෝටල් සේවකයෙකුට නඩු පවරා ඇත්තේ, ශුක්‍ර තරලයෙන් අපවිත්‍ර වූ ජල බෝතලයක් ලබාදුන් බවට චෝදනා කරමින්.
මෙම කාන්තාව සිය උපන්දිනය සැමරීම සඳහා සිය සැමියා සමඟ තරු පහේ හෝටලයක කාමරයක් වෙන්කරගෙන සිටියදීයි මෙම සිදුවීමට මුහුණ දී ඇත්තේ.
එලෙස මුහුණ පෑ සිදුවීම තුළින් තමන් ලිංගික හිංසනයට සහ සූරාකෑමට ලක් වූ බවයි එම කාන්තාවගේ චෝදනාවේ සඳහන්.