ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ නායයෑමක් - 16 ක් මරුට: තවත් සිය ගණනක් සුන්බුන් අතර බවට සැක

MonaraMonara

photo - bbc

ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ රායිගාඩ් හි නායයෑමක් සිදුව තිබෙනවා.

ඉන් පුද්ගලයින් 16 දෙනෙකු මියගොස් ඇති අතර තවත් පුද්ගලයින් සිය ගණනක් පමණ අතුරුදන්ව ඇති බවයි කියවෙන්නේ.

මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයට ඇදහැලෙන අධික වර්ෂාව නිසා ගලවාගැනීමේ මෙහෙයුම්වලට බාධා පැමිණ ඇති අතර,

තවදුරටත් සුන්බුන් අතර සිරවී සිටින පුද්ගලයින් සොයා මෙහෙයුම් ක්‍රියත්මකයි.

නායයෑමෙන් රායිගාඩ් ප්‍රදේශයේ නිවාස 50 කට ආසන්න ප්‍රමාණයක් සම්පුර්ණයෙන්ම විනාශ වී තිබෙනවා.

විපතට පත් පුද්ගලයින් 98 දෙනෙකු පමණ මේ වනවිට මුදවාගෙන ඇති අතර, ඔවුන්ව තාවකාලික කඳවුරු තුළ රඳවා ඇති බවයි වාර්තා වන්නේ.

සහන සැලසීමේ කටයුතු වෙනුවෙන් ඉන්දීය රජය යුහුසුළුව මැදිහත් වන බව ඉන්දීය ස්වදේශ කටයුතු අමාත්‍ය අමිට් ෂා සහතික වී ඇති අතර, විපතට පත් එක් පවුලක් වෙනුවෙන් ඉන්දීය රුපියල් ලක්ෂ 05 ක මුදලක් පිරිනමන බව, මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ මහ ඇමති ඒක්නාත් ශින්ඩේ පවසා තිබෙනවා.