පුටින් - කිම්ට රොකට් යවන හැටි කියා දෙයි: ලොවම බලා සිටි කිම් සහ පුටින් නිල සාකච්ඡා ඇරඹේ
රුසියානු ජනාධිපති ව්ලැඩ්මීර් පුටින් සහ උතුරු කොරියානු නායක කිම් ජොන් අන් නිල සාකච්ඡා ආරම්භ කර තිබෙනවා.
ඒ, රුසියානු දුරස්ථ අභ්‍යවකාශ රොකට් දියත් කිරීමේ මධ්‍යස්ථානය වන Vostochny Cosmodrome හි සිටයි.
මෙම සාකච්ඡා සඳහා උතුරු කොරියානු නාකයාගේ සහෝදරියද එක්වී ඇති බව සඳහන්.
උතුරු කොරියාවට "තමන්ගේම චන්ද්‍රිකා සහ රොකට් දියත් කිරීමට" රුසියාව උපකාර කිරීමට සූදානමින් සිටින බව එහිදී රුසියානු නායකයා පවසා තිබෙනවා.
මේ අතර, අමෙරිකා එක්සත් ජනපද නිලධාරීන් අනතුරු අඟවා ඇත්තේ නායකයන් දෙපළ යුක්රේනයට එරෙහි යුද්ධයේදී භාවිතා කිරීම සඳහා පියොංයැං විසින් මොස්කව් වෙත ආයුධ සැපයීමට අදාළව සාකච්ඡා සිදුකරනු ඇති බවයි.
කෙසේ වෙතත්, උද්ගතව වන ඕනෑම තත්ත්වයක් යටතේ රුසියාවට අඛණ්ඩව සහයෝගය ලබාදෙන බවයි උතුරු කොරියානු නායකයා ප්‍රකාශ කර ඇත්තේ.