ඊශ්‍රායල - ලෙබනන දේශසීමා අසළ ජනයා ඉවත් කෙරේ: ප්‍රහාර වේගවත් කරන බවට තර්ජනයක්  

MonaraMonara

ඊශ්‍රායල - ලෙබනන දේශසීමාවේ කිරියාට් ෂ්මෝනා නගරය සඳහා ඉවත් කිරීමේ සැලැස්ම ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ඒ, ඊශ්‍රායල හමුදා සහ හිස්බුල්ලා සටන්කාමීන් අතර සන්නද්ධ ගැටුම් මධ්‍යයේයි.

දකුණු ලෙබනනය ආසන්නයේ පිහිටි කිරියාට් ෂ්මෝනා දේශසීමා නගරයේ පදිංචිකරුවන් ඉතා ඉක්මනින් ඉවත් කරන බව ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනය කර තිබෙනවා.

20,000 කට වැඩි ජනගහනයක් සිටින කිරියාත් ෂ්මෝනා, දේශසීමාවේ සිට කිලෝමීටර් 2ක් (සැතපුම් 1ක්) පමණ දුරින් පිහිටා ඇති අතර, අවතැන් වූ නිවැසියන් ඊශ්‍රායලයේ රාජ්‍ය සහනාධාර සහිත නවාතැන් වෙත ගෙන යනු ඇති බව ඔවුන් පවසනවා.

ගාසා තීරයට එරෙහි ඊශ්‍රායලයේ යුද්ධය මධ්‍යයේ ඊශ්‍රායලය සහ හිස්බුල්ලා සටන්කාමීන් අතර පසුගිය සති දෙක තුළ මාරාන්තික වෙඩි හුවමාරුවක් සිදු වූ අතර, ඊශ්‍රායලය ගාසා තීරයට ගොඩබිම් ආක්‍රමණයක් දියත් කළහොත් ප්‍රහාර වේගවත් කරන බවට හිස්බුල්ලා සංවිධානය තර්ජනය කර තිබෙනවා.