DIG වරයෙකු සියදිවි නසා ගනියි: මෙම සිදුවීම වාර්තා වන්නේ ඉන්දියාවේ කොයිම්බතූර් ප්‍රදේශයේ දියි.

MonaraMonara

නියෝජ්‍ය පොලිස්පති සී විජයකුමාර් ඡායාරූප සහ මූලාශ්‍රය - indianexpress.com

නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු සියදිවි නසා ගැනීමේ පුවතක් වාර්තා වනවා.

මෙම සිදුවීම වාර්තා වන්නේ ඉන්දියාවේ කොයිම්බතූර් ප්‍රදේශයේ දියි.

කොයිම්බතූර් පොලිසියේ නියෝජ්‍ය පොලිස්පතිවරයා විසිනුයි මෙලෙස සියදිවි නසා ගැනීම සිදු කරනු ලැබ ඇති බවට එරට මාධ්‍ය වාර්තා කරන්නේ.

කොයිම්බතූර් ප්‍රදේශයේ නියෝජ්‍ය පොලිස්පති සී විජයකුමාර් පෙරේදා අලුයම සියදිවි නසාගෙන ඇති අතර, තුරඟ තරග පිටියට ආසන්නයේ පිහිටි ඔහුගේ කඳවුරු කාර්‍යාලයේ දී මෙම අනතුර සිදුකරගෙන තිබෙනවා.

හෙතෙම දැඩි මානසික අවපීඩනයකින් පෙළෙමින් සිට ඇති බවත් වාර්තා වනවා.

මෙම සිදුවීම සම්බන්ධයෙන් ප්‍රාන්ත මහ ඇමති ස්ටාර්ලින් සිය ශෝකය ද පළ කර තිබෙනවා.