ඉන්දියාව කැනඩාවට වීසා දෙන්නේ නැහැ: ඉන්දියාව යුක්තිය ඉටු කළ යුතු බව ජස්ටින් කියයි
සීක් බෙදුම්වාදියෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් දෙරට අතර ඇති වූ මතභේදය ප්‍රධාන වශයෙන් තීව්ර කරමින් ඉන්දියාව කැනේඩියානුවන්ට වීසා නිකුත් කිරීම නවතා දමා තිබෙනවා.
එමෙන්ම, ඉන්දියාව තුළ රාජ්‍ය තාන්ත්‍රික පැවැත්ම අඩු කරන ලෙස කැනඩාවට දන්වා ඇති බවත් විදෙස් වාර්තා පවසනවා.
ඉන්දියාවේ විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශක අරින්ද්‍රම් බක්ෂි පැවසුවේ, කැනඩාව සිය රාජ්‍ය තාන්ත්‍රික මෙහෙයුම්වලට ඇතිවූ “තර්ජන” ආමන්ත්‍රණය කිරීමට අපොහොසත් වීම වීසා නිකුත් කිරීම නවතා දැමීමට හේතු වූ ඇති බවයි.
කෙසේ වෙතත්, ඛාලිස්තාන් බෙදුම්වාදී හර්දීප් සිං නිජ්ජාර් ඝාතනය සම්බන්ධයෙන් ඉන්දියාව සහ කැනඩාව අතර නරක අතට හැරෙන ගැටුම මධ්‍යයේ, කැනේඩියානු අගමැති ජස්ටින් ටෘෘඩෝ “මෙම කාරණය බැරෑරුම් ලෙස සලකන ලෙස” සහ “පූර්ණ විනිවිදභාවය සහ වගවීම" සහතික කිරීමට කටයුතු කරන ලෙස ඉන්දීය රජයෙන් ඉල්ලා තිබෙනවා.