දුම්රියක් ගංවතුරට හසුවෙයි: මගීන් 500 ගේ ජීවිත බේරා ගැනීමේ මෙහෙයුමක

MonaraMonara

ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයට පවතින අධික වැසි තත්ත්වයත් සමග ඇතිවූ ගංවතුර තත්ත්වය සමග දුම්රියක ගමන්කරමින් සිටි 500කට අධික මගීන් පිරිසක් දුම්රිය ස්ථානයක සිරවී සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

තිරුචේන්දූර් සිට චෙන්නායි දක්වා ගමන්කරමින් තිබූ දුම්රියක් මෙලෙස ගංවතුරට කොටුවී තිබෙනවා.

ගංවතුර සමග රේල්පීලිවලට හානි සිදුවීම හේතුවෙන් තමිල්නාඩුවේ Srivaikuntam දුම්රිය ස්ථානයේ ඊයේ රාත්‍රියේ සිට නවතා තිබූ දුම්රියේ සිටි මගීන් පිරිසක් මෙලෙස එම දුම්රිය ස්ථානයේ සිරවී සිටිනවා.

කෙසේ වෙතත් දුම්රියේ ගමන්කළ මගීන් 300කට ආසන්න පිරිසක් ඉන් මුදාගැනීමට ගලවාගැනීමේ කණ්ඩායම් සමත්ව තිබෙනවා.

අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් අද දිනට එම මෙහෙයුම් තාවකාලිකව නවතා දමා ඇති අතර හෙට එම මෙහෙයුම් යළි ආරම්භ කරන බව බලධාරීන් පවසනවා.