මැතිවරණ ජය ඉම්රාන්ට?: නිල ප්‍රතිඵල ඉල්ලා ජනතා විරෝධයක්

MonaraMonara

ඉහළ යන උද්ධමනය, නැගී එන ප්‍රචණ්ඩත්වය සහ ආර්ථික අර්බුදයෙන් මිරිකෙමින් සිටි පකිස්තානයේ මහ මැතිවරණය ඊයේ පැවැත්වුනා.

මිලියන 128 ක ජනතාවක් ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ලියාපදිංචි ව සිටි අතර,ඉන් අඩක් පමණ වයස අවුරුදු 35 ට අඩු පුද්ගලයින්.

පකිස්ථානයේ මැතිවරණ කොමිසම විසින් නිල වශයෙන් ප්‍රකාශයට පත් කරන ලද ආසන 51 න් 17 කින් නවාස් ෂරීෆ්ගේ පක්ෂය දිනාගෙන ඇති අතර, ඊට මදක් පිටුපසින් ආසන 14 ක් ජයගෙන ඇත්තේ ඉම්රාන් ඛාන්ගේ පීටීඅයි පක්ෂයේ සහාය ඇති ස්වාධීන කණ්ඩායම්.

මහ මැතිවරණය සඳහා අපේක්ෂකයින් 5,000ක් ඉදිරිපත්ව වූ අතර, එහි කාන්තා නියෝජනය 313 ක් තරම් අඩු අගයක්.

MonaraMonara

නවාස් ෂරීෆ්ගේ පාකිස්තාන මුස්ලිම් ලීගය සහ පාකිස්තාන මහජන පක්ෂය මෙවර ඡන්දයට ඉදිරිපත්වූ ප්‍රධාන පක්ෂ දෙක වන අතර,

ඉම්රාන් ඛාන්ගේ පී.ටී.අයි පක්ෂයේ අපේක්ෂකයින් ට ඔවුන් ඉදිරිපත් වූ ඡන්ද සලකුණ ඔවුන්ට අහිමිව යෑම ප්‍රධාන අභියෝගයක් වුණා.

තුන් වතාවක් පාකිස්තානයේ අග්‍රාමාත්‍ය ධුරය දැරූ නවාස් ෂරීෆ් මෙවර මැතිවරණය ජයගනු ඇති බවට මත පල වුනත්, සිරගත කෙරුනු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ට වැඩි ජනතා ප්‍රසාදයක් හිමිව ඇති බව වාර්තා වනවා.

කෙසේ වෙතත් ඉම්රාන් ඛාන්ගේ පාක්ෂිකයින් නිල මැතිවරණ ප්‍රතිඵල ප්‍රසිද්ධ කරන ලෙස ඉල්ලා විරෝධතාවයේ නිරත වන බව විදෙස් වාර්තා පවසනවා.

නමුත් ඇමතුම් සහ දත්ත සේවා දෙකම අත්හිටුවා ඇති පාකිස්තානයේ මෙම මැතිවරණය සම්බන්ධයෙන් විශ්වාසයක් තැබිය නොහැකි බවයි මැතිවරණ නිරීක්ෂකයින් පෙන්වා දෙන්නේ.