ෆ්ලොරීඩාවට පහරදෙන ''Idalia'': ජීවිත අවදානමක් මෙන් ම ගංවතුර අවදානමකුත් !

MonaraMonara

ඡායාරූප සහ මූලාශ්‍රය -REUTERS

අමෙරිකාවේ දකුණු ෆ්ලොරිඩාවට මීට පෙර බලපෑ නිවර්තන සුළි කුණාටුව ගැන යළිත් බියක් එරට බොහෝ ප්‍රාන්තවල පැතිර ගොස් තිබෙනවා.

ඒ අනුව ''ඉඩාලියා'' (Idalia) නමැති මෙම සුළි කුණාටුව අද දිනයේ දී ෆ්ලොරීඩාවට යළිත් පහරදෙනු ඇතැයි එරට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවා ඇත්තේ.

Idalia නිවර්තන සුළි කුණාටුව කැරිබියන් දූපත්වල මේ වනවිට ස්ථානගත වී ඇති බවත් වාර්තා වනවා.

ඉදිරියේ දී මෙය බරපතළ ව්‍යසනකාරී ආකාරයෙන් චණ්ඩ විය හැකි බවත්, මෙම සති අන්තයේ දී එය කියුබාවට සහ ෆ්ලොරීඩාවටත් පහරදෙනු ඇතැයි අපේක්ෂා කරනවා.

මෙම කුණාටුව පැයට සැතපුම් 40ක එනම් පැයට කිලෝමීටර් 65ක පමණ වේගයෙන් අනිද්ද්දා දිනයේ දී ෆ්ලොරීඩාවට ඇතුල්විය හැකි බවටයි ගණන් බලා ඇත්තේ.

ෆ්ලොරිඩා ආණ්ඩුකාර රොන් ඩිසැන්ටිස් සඳහන් කරන්නේ මෙම සුළි කුණාටුව ඒමට පෙර ද පැයට සැතපුම් 96 -110 තෙක් සුළං තත්ත්වයක් පවතිනු ඇති බවයි.

සුළි කුණාටුව උතුරු ෆ්ලොරිඩාවේ බිග් බෙන්ඩ් ප්‍රදේශයට පැමිණිය හැකි බවත් ආණ්ඩුකාරවරයා ‍රොයිටර්ස් පුවත් සේවයට පවසා තිබෙනවා.

එක්සත් ජනපද ජාතික සුළි කුණාටු මධ්‍යස්ථානය (NHC) ඊයේ ප්‍රකාශ කළේ කුණාටුව දැනට මෙක්සිකෝවේ කොසුමෙල් සිට නැගෙනහිර-ඊසාන දෙසින් සැතපුම් 80 (කිලෝමීටර් 130) පමණ දුරින් යුකැටන් ආසන්නයේ ස්ථානගතව ඇති බවයි.

Idalia පැමිණීම හේතුවෙන් ෆ්ලොරිඩාවේ බටහිර වෙරළ තීරයේ සහ Panhandle ප්‍රදේශය ආශ්‍රිතව ඇති වන අධික වර්ෂාවෙන් ජීවිත තර්ජනාත්මක කුණාටුවක් සහ ගංවතුර ඇති වීමේ අවදානමක් ද ඇති විය හැකි බවයි මියාමි කාලගුණ ඒකකය පැවසුවේ.