ග්වාතමාලාවේ ගඟක ඉවුරු බිඳෙයි: 06 ක් මරුට - 13 ක් අතුරුදන්

MonaraMonara

ඡායාරූපය - houstonchronicle.com

එක් රැයක් පුරාවට ඇද හැලුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් ග්වාතමාලාවේ අගනුවර ගංඟාවක ඉවුරු බිඳී ගොස් සිදුවූ ආපදාවෙන් පුද්ගලයින් 06 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ තවත් පුද්ගලයින් 13 දෙනෙකු තවදුරටත් අතුරුදන්ව ඇති බවයි.

ග්වාතමාලා නගරය හරහා ගලා යන Las Vacas ගඟේ ඉවුරු බිඳ ගොස් පිටාර ගැලීමත් සමඟ නිවාස 06 ක් සම්පූර්ණයෙන්ම විනාශයට පත්ව ඇති අතර, එහි සිටි පුද්ගලයින් මෙලෙස අනතුරට ලක්ව ඇති බව සඳහන්.

එරට නාගරික ගිනි නිවීමේ දෙපාර්තමේන්තුවේ මෙහෙයුම් ප්‍රධානී සර්ජියෝ කබානාස් පැවසුවේ “අපි මේ මොහොතේ මළ සිරුරු හයක් සොයාගෙන තියෙනවා, තවත් බොහෝ දේ සොයා ගන්නට නියමිතයි. සිරුරු අතර ගැහැණු ළමයෙකු සහ වැඩිහිටියන් පස් දෙනෙකු වනවා."

මෙම ආපදාවට පෙර මෙම වැසි සමයේදී ග්වාතමාලාවේ ගංවතුර හේතුවෙන් අවම වශයෙන් පුද්ගලයින් 29 දෙනෙකු මියගොස් තිබුණා.

ඡායාරූපය - houstonchronicle.comඡායාරූපය - houstonchronicle.com

ඡායාරූපය - houstonchronicle.com

ඡායාරූපය - houstonchronicle.comඡායාරූපය - houstonchronicle.com

ඡායාරූපය - houstonchronicle.com