හවායි ලැව්ගිනි: ගින්නෙන් ජීවිත 99ක් දැවී යද්දි, තවත් ජීවිත රැසක් අළු යට සැඟවෙයි !

MonaraMonara

ඡායාරූප : azcentral

පසුගිය දා හවායි හි ඇති වූ ලැව්ගිනි හේතුවෙන් මියගිය ගණන 99 ඉක්මවන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

බලධාරීන් සඳහන් කරන්නේ හවායි හි ගිනිගත් නිවාස සහ වාහන හරහා ගමන් ගන්නා ගලවා ගැනීමේ කණ්ඩායම්, තවත් පුද්ගලයින් 10ක් 20ක් පමණ සොයාගැනීමට ඉඩ ඇති බවයි.

මෙම ලැව්ගිනි තත්ත්වය එක්සත් ජනපදයේ ඇති වූ මාරාන්තික ලැව්ගින්න ලෙසයි එරට බලධාරීන් වාර්තා කරන්නේ.

ආණ්ඩුකාර ජොෂ් ග්‍රීන් CBS ප්‍රවෘත්ති සේවය වෙත පවසා තිබුණේ ගින්නෙන් විපතට පත් ප්‍රදේශයෙන් 25% ක මළ සිරුරු සෙවීමට කටයුතු කර ඇති බවත් සම්පූර්ණ මරණ සංඛ්‍යාව දැන ගැනීමට අවම දින 10 ක් පමණ ගතවනු ඇති බවයි.

එමෙන්ම මේ වන විට අතුරුදන් වූවන්ගේ සංඛ්‍යාව 1300ක් පමණ වන බවද ඔහු පවසනවා.

ඇති වූ ලැව්ගින්නෙන් මුළු ලහයිනා නගරයම පාහේ විනාශ වී ඇති අතර,

“සම්පූර්ණ විනාශය හැර, බැලීමට වෙනත් කිසිවක් නැත...” ජොෂ් ග්‍රීන් සඳහන් කරනවා.

ඡායාරූප : getty imageඡායාරූප : getty image

ඡායාරූප : getty image

වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු පවසන්නේ, 12,000 ක ජනතාවක් වාසය කරන ලහයිනා හි සියලුම පදිංචිකරුවන් ගින්නෙන් පැන යාමටත් පිරිසක් විනාශ වීමටත් ඇති බවයි.

මළ සිරුරු සෙවීම සඳහා පුහුණු කරන ලද සුනඛයන් 20 දෙනෙකු ෆෙඩරල් හදිසි කළමනාකරණ ඒජන්සිය (ෆෙමා) විසින් දිවයිනට යොදවා ඇති බවයි එරට මාධ්‍ය වාර්තා කරන්නේ.

කෙසේ නමුත් නගරයට ඇතුළු වීමට බලාපොරොත්තු වන අයගෙන් ඉවසිලිවන්තව සිටින ලෙස බලධාරීන් අවධාරණයෙන් ඉල්ලා තිබෙනවා. ඒ තවමත් සොයා ගැනීමට සහ හඳුනා ගැනීමට අවැසි දේහයන් පවතින බැවින්.

නිලධාරීන් පවසන පරිදි ලහිනා හි මාරාන්තික ගින්න තවමත් ඇවිලෙමින් පවතින අතර 85% ක් පමණ පාලනය කර ඇත.

ආසන්නයේ ඇති වූ ඩෝරා සුළි කුණාටුවෙන් සහ නියඟ තත්ත්වයෙන් ඇති වූ සුළඟින් ගින්න හටගත් නමුත් ගින්න හටගත් ආකාරය තවමත් තහවුරු කර නොමැත.

ඡායාරූප : getty imageඡායාරූප : getty image

ඡායාරූප : getty image