ප්‍රකෝටිපතියෙක් - ප්‍රධාන විධායක නිලධාරියෙක් සමග -බ්‍රිතාන්‍යයේ ප්‍රවාහන ඇමති එක්වෙයි?: ලොව පළමු 100% තිරසාර ගුවන් ඉන්ධන භාවිතා කරන ගුවන් ගමන
100% තිරසාර ගුවන් ඉන්ධන (SAF) මගින් බල ගැන්වෙන මගී ගුවන් යානයක් අද දිනයේ ගුවන්ගත වීමට නියමිතයි.
මෙය ලන්ඩනයේ සිට නිව් යෝර්ක් දක්වා පියාසර කරන Virgin Atlantic මගී ජෙට් යානයක් වනු ඇති.
මෙය ගුවන් සේවා ලෝකය එහි අනාගතය සුරක්ෂිත කිරීම සඳහා අඩු කාබන් විමෝචනයක් භාවිතය ප්‍රදර්ශනය කිරීමට දරන උත්සාහක්.
ලෝකය කාබන් භාවිතයෙන් වැලකී සිටීමට උත්සහ කරන විට ගුවන් සමාගම් තම කාබන් විමෝචනය 70% දක්වා අඩු කර ගැනීමට මෙලෙස නව මාර්ග සඳහා යොමු වනු ඇති.
ඉදිරි දශක කිහිපය තුළ විද්‍යුත් සහ හයිඩ්රජන් බලයෙන් ක්‍රියාත්මක වන ගුවන් ගමන් යථාර්ථයක් වීමට පෙර අපද්‍රව්‍ය වලින් සාදන ලද ඉන්ධන මත තම ඉන්ධන අවශ්‍යතාව සපුරා ගනිමින් කටයුතු කිරීම මෙහි අරමුණයි.
Rolls-Royce (RR.L) Trent 1000 එන්ජිමක් මගින් බල ගැන්වෙන මෙම Virgin Boeing 787 යානය, වාණිජ ගුවන් සමාගමක් 100% තිරසාර ගුවන් ඉන්ධන මත දිගු ගමනක් පියාසර කළ පළමු අවස්ථාව වනු ඇති.
මෙම විශේෂ ගුවන් ගමනට Virgin Atlanticහි ප්‍රකෝටිපති නිර්මාතෘ රිචඩ් බ්‍රැන්සන්, ගුවන් සමාගමේ ප්‍රධාන විධායක ෂායි වයිස් සහ බ්‍රිතාන්‍යයේ ප්‍රවාහන අමාත්‍ය මාර්ක් හාපර් යන තිදනා එක්වීමට නියමිත අතර ඔවුන් ලන්ඩන්හි හීත්රෝ ගුවන්තොටුපලින් ගුවන් ගත්වී නිව් යෝර්ක්හි ජෝන් එෆ්. කෙනඩි ජාත්‍යන්තර ගුවන් තොටුපළට පැමිණීමට නියමිතයි.