වඳ වී ගිය Yellow Sally: පරිසරයට මුදා හරින්නේ ගංගා ජීවීන්ට සුදුසු වූ විටයි

MonaraMonara

Yellow Sally ඡායාරූප සහ මූලාශ්‍රය - www.bbc.com

බ්‍රිතාන්‍යයට ආවේණික කෘමි විශේෂයක් මීට කලකට ඉහත දී වඳ වී යාමේ තර්ජනයකට මුහුණපා සිටි අතර, යළිත් එම කෘමි විශේෂය පරිසරයට එක්වීමේ සූදානමක් පවතින බවට වාර්තා වනවා.

විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙන්නේ, මෙම කෘමි විශේෂය යළිත් බ්‍රිතාන්‍යයේ ඇති වනාන්තරවලට මුදා හැරීම සිදු වන්නේ සංරක්ෂණ ක්‍රමවේදයක ප්‍රතිඵලයක් ලෙස බවයි.

Yellow Sally නමින් හඳුන්වන මෙම කෘමි විශේෂය 1959 සහ 1995 වර්ෂවල දී බ්‍රිතාන්‍යයේ පිහිටි ස්වභාවික ගංගා ආශ්‍රිත තෙත් බිම් පරිසරයෙන් අවසන් වරට හමු ව ඇති අතර, පසුව වඳවීමේ තර්ජනයකට මුහුණපෑ බවයි එරට කෘමි පර්‍යේෂකයින්ගේ මතය වන්නේ.

ඡායාරූප සහ මූලාශ්‍රය - www.bbc.comඡායාරූප සහ මූලාශ්‍රය - www.bbc.com

Yellow Sally සංරක්ෂණය කරන පර්‍යේෂණ කණ්ඩායම සිය මෙහෙයුම් අතරතුර ඡායාරූප සහ මූලාශ්‍රය - www.bbc.com

දශක කිහිපයකට පෙර මියගියා යැයි සැලකෙන මෙම Yellow Sally නමැති කුඩා ගංගා මැස්සන් විශේෂය කෘමි සත්ත්ව ලෝකයේ අතිශය දුර්ලභ වර්ගයක් ලෙසටත් හඳුනාගෙන තිබෙනවා.

මෙම කෘමි විශේෂය වඳවීමේ තර්ජනයෙන් පසුව යළිත් මොවුන්ව සංරක්ෂණය කිරීමට ඉතා සුළු ප්‍රමාණයක් එංගලන්තයේ උතුරු වේල්සයේ ඇති ''ඩී (Dee)'' ගංගාව ආශ්‍රිත ව සිටී විද්‍යාඥයින් පිරිසක් විසින් සොයාගනු ලැබුවා.

ඉන් අනතුරුව ඉතාමත් ප්‍රවේසම්කාරී ලෙස එම කෘමි විශේෂය ඩී ගංගාව ආශ්‍රයෙන් මුදා ගනිමින්, ඔවුන්ව වෙන ම බෝ කිරීමටත්, සංරක්ෂණය කිරීමටත් එරට කෘමි විද්‍යාඥයින් පිරිසක් විසින් කටයුතු කරනු ලැබූ බවයි බීබීසී මාධ්‍ය පෙන්වා දෙන්නේ.

ඉන් අනතුරුව යෙලෝ සැලී නමැති මෙම සුවිශේෂී කෘමි විශේෂය චෙස්ටර් සත්ත්වෝද්‍යානයේ බෝ කිරීම් කටයුතු ද සිදු කෙරුණා.

මේ වනවිට කෘමි විශේෂය සංරක්ෂණ පර්‍යේෂණ මෙහෙයුම් සාර්ථක වී ඇති බවත්, ඔවුන්ව පරිසරයට මුදා හැරීමේ සූදානම් තිබුණ ද, එය මඳක් ප්‍රමාද කිරීමට සිදුවන බවත් බ්‍රිතාන්‍ය කෘමි පර්‍යේෂණ අංශ පවසනවා.

ඡායාරූප සහ මූලාශ්‍රය - www.bbc.comඡායාරූප සහ මූලාශ්‍රය - www.bbc.com

Yellow Sally ඡායාරූප සහ මූලාශ්‍රය - www.bbc.com

ඊට හේතුව යුරෝපයේ පවතින අධික උණුසුම් කාලගුණ තත්ත්වය හේතුවෙන් බොහෝ ගංගා ආශ්‍රිත යහපත් පරිසර මට්ටමක් නොමැති වීමයි.

යෙලෝ සැලී නමැති කෘමි අභිජනන කාර්‍යයට සහාය දුන් චෙස්ටර් හි ජෝ චැටෙල් පර්‍යේෂකයා සඳහන් කර ඇත්තේ, මෙම කෘමි විශේෂය යළිත් පරිසරයට හඳුන්වාදීම අවසාන ඉලක්කය වුව ද, රටේ ගංගා කෘමීන්ට ජීවත් වීමට සුදුසු පරිදි මට්ටමට පැමිණෙන තෙක් ඔවුන්ව මුදා හැරීම සිදු නොකරන බවයි

ව්‍යාපෘතියේ හවුල්කරුවෙකු වන Buglife Cymru හි Clare Dinham විද්‍යාඥයා පැවසුවේ, Sally' හට උදව් කිරීම සිය වගකීම බවයි.