ඉන්ස්ටග්‍රෑම් සහ ෆේස්බුක් ළමයින්ව පිස්සු වට්ටලා: අමෙරිකාවේ ප්‍රාන්ත 40ක් නඩු මගට
ඉන්ස්ටග්‍රෑම් සහ ෆේස්බුක් සමාජ මාධ්‍ය, ළමුන් ඇබ්බැහි කරන විශේෂාංග දැනුවත්ව නිර්මාණය කරමින් තරුණයින්ගේ මානසික සෞඛ්‍යයට හානි කරන බවට එම සමාජ මාධ්‍ය අයත් මෙටා සමාගමට චෝදනා එල්ල වී තිබෙනවා.
මෙලෙස දරුවන්ගේ මානසික සෞඛ්‍යයට හානි කිරීම සම්බන්ධයෙන් අමෙරිකා එක්සත් ජනපදයේ ප්‍රාන්ත 40කට වඩා වැඩි සංඛ්‍යාවක් මේ වන විට නඩු මගට පිවිසී ඇති බවයි පැවසෙන්නේ.
ෆේස්බුක් සහ ඉන්ස්ටග්‍රෑම් හිමිකාරීත්වය දරන මෙටා සමාගම "දරුවන්ගේ වේදනාවෙන්" ලාභ ලැබීම, අරමුණු කරගෙන ඔවුන්ගේ මානසික සෞඛ්‍යයට හානි කිරීම සහ එහි වේදිකාවල ආරක්ෂාව සම්බන්ධයෙන් ජනතාව නොමඟ යවන බවටයි ජනතාව චෝදනා කරන්නේ.
මෙටා සමාගම විසින් තරුණ පරිශීලකයින්ගේ සෞඛ්‍යයට හානියක් වුවද, සමාජ මාධ්‍ය භාවිතා කරන කාලය උපරිම කිරීම සඳහා නිර්මාණය කර ඇති ව්‍යාපාරික ආකෘතිය මගින් තරුණයින් මානසිකව සූරාකෑමට ලක්ව ඇති බව ඔවුන් වැඩිදුරටත් පවසනවා.