'සීතල ලාවා' පිලිපීන ගමක් වසයි: ජනතාව පදිංචි නිවාසවලින් ඉවත් කෙරේ

MonaraMonara

පිලිපීනයේ Kanlaon ගිනි කන්ද පුපුරා ගොස් තිබෙනවා.

ඉන් පිටවූ දුමාරය කිලෝමීටර ගණනාවක් ඉහළ අහසට විහිදී ගොස් ඇති අතර, ගිනිකන්දේ සුන්බුන් රැගත් අළු පැහැති ලාවා මිශ්‍රිත දියරයක් ගිනි කන්ද පහළින් පිහිටි ගම්මානයේ මාවත් පුරා ගලා ගොස් තිබෙනවා.

මෙම Kanlaon ගිනි කන්ද සක්‍රීය වීමත් සමග, අහසට එක්වුණු දුමාරය හේතුවෙන් ගුවන් ගමන් විශාල සංඛ්‍යාවක්ද අවලංගු කිරීමට සිදුවූ බවයි පිලිපීන බලධාරීන් පවසන්නේ.

තවත් පසු කම්පන සමග නැවතත් කිනි කන්ද සක්‍රිය විය හැකි බවට පිලිපීන බලධාරීන් ජනතාවට අනතුරු අඟවා , ගම්මානයේ ජනතාව පදිංචි නිවාසවලින් ඉවත් කර ඇති බව සඳහන්.