නව නිදහස් වෙළඳ ගිවිසුමක්: අර්ධ සන්නායක සහ කෘතිම බුද්ධිය ගැන අවධානය
බ්‍රිතාන්‍ය සහ දකුණු කොරියාව නව නිදහස් වෙළඳ ගිවිසුමක් පිළිබඳ සාකච්ඡා ආරම්භ කර තිබෙනවා.
අගමැති රිෂි සුනක්ගේ කාර්යාලය පවසන පරිදි මේ සතියේ දකුණු කොරියානු ජනාධිපති යූන් සුක් යොල්ගේ රාජ්‍ය සංචාරයට සමගාමීව නව රාජ්‍ය තාන්ත්‍රික ගිවිසුමට අත්සන් තබනු ඇති.
චාල්ස් රජුගේ රාජාභිෂේකයෙන් පසු බ්‍රිතාන්‍යය විසින් සත්කාරකත්වය දරන පළමු රාජ්‍ය සංචාරය සනිටුහන් කරමින් දකුණු කොරියානු නායක යූන්ගේ සංචාරය චාල්ස් රජුගේ පිළිගැනීමෙන් නිල වශයෙන් ආරම්භ වන අතර එහිදී ඔහුට ගෞරව සම්මාන මුරයක් ලබා දී බකිංහැම් මාලිගය වෙත යාමට නියමිතයි.
මෙම නව වෙළඳ ගිවිසුම මගින් ආයෝජන ප්‍රවර්ධනය කිරීම, වෙළඳාම ඉහළ නැංවීම සහ ගෝලීය ස්ථාවරත්වයට දෙරටේම සහය ගොඩනගා ගනිමින් , මිත්‍රත්වය ස්ථාපිත කර ගනු ඇති.
බ්‍රිතාන්‍යය පැවසුවේ දකුණු කොරියානු පුනර්ජනනීය බලශක්ති සහ යටිතල පහසුකම් ව්‍යාපෘති සඳහා බ්‍රිතාන්‍ය පවුම් බිලියන 21 (ඩොලර් බිලියන 26.17) ආයෝජනය කරන අතර, දකුණු කොරියාව ප්‍රධාන වශයෙන් නිෂ්පාදනය කරන අර්ධ සන්නායක සහ කෘතිම බුද්ධිය වැනි ක්ෂේත්‍ර සඳහා සමීපව කටයුතු කිරීමට රටවල් එකඟ වනු ඇති බවයි.