බ්ලේඩ් රනර් පිස්ටෝරියස් නිදහස්: පෙම්වතිය ඝාතනය කර වසර 11කට පසු සමාව
දකුණු අප්‍රිකානු හිටපු පැරාලිම්පික් ක්‍රීඩක ඔස්කාර් පිස්ටෝරියස්ව තම පෙම්වතිය ඝාතනය කර වසර 11 කට ආසන්න කාලයකට පසු, සිකුරාදා නිදහස් කර ඇති බව එරට බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසනවා.
පිස්ටෝරියස් - ඔහුගේ කාබන් ෆයිබර් කෘතිම පාද නිසා "බ්ලේඩ් රනර්" ලෙස ප්‍රසිද්ධියට පත් වූ අතර, 2013 වසරේ ආදරවන්තයින්ගේ දිනයේදී තම පෙම්වතියව ඝාතනය කර තිබුණා
තම නිවස ආක්‍රමණය කරන්නෙකු ලෙස වරදවා වටහා ගත් පිස්ටෝරියස් , 29 හැවිරිදි නිරූපිකාවක් වූ තම පෙම්වතිය රීවා ස්ටීන්කැම්ප්ට වෙඩි තබා ඝාතනය කළ බව සඳහන්.
මෙය ඝාතනයක් නොවන බවත්, තමා අතින් වූ අත් වැරදීමක් බවත් පිස්ටෝරියස් නැවත නැවතත් පවසා ඇති අතර, එම පදනම මත ඔහුගේ වරදට එරෙහිව ඔහු අභියාචනා කිහිපයක්ම ඉදිරිපත් කළා.
මේ අනුව 2024 ජනවාරි 5 සිට බලපැවැත්වෙන පරිදි ඔස්කාර් පිස්ටෝරියස්ව නිදහස් කරන බවයි එරට විශෝධන සේවා දෙපාර්තමේන්තුව පවසන්නේ.
දැනට 37 හැවිරිදි වියේ පසුවන පිස්ටෝරියස් මිනීමැරුම් චෝදනාවට දඬුවම් නියම වීමට පෙර වසර අටහමාරක් පමණ සිරගතව සිටි අතර මාස හතක් නිවාස අඩස්සියේ සිටියා.
නමුත් ඔස්කාර් පිස්ටෝරියස් විසින් සිය පෙම්වතිය ඝාතනය කිරීම, ලොවක් කම්පනයට පත් කළ අපරාධයක් ලෙස එවක ප්‍රසිද්ධ වුණා.