බංග්ලාදේශයේ විශාලතම විදුලි බලාගාරය වසා දැමෙයි: බලධාරීන් පෙන්වා දෙන්නේ ආර්ථික අර්බුද හමුවේ ගල් අඟුරු සහ ඉන්ධන ලබාගැනීමට නොහැකිවීම හේතුවෙන් මෙලෙස වසා දැමීමට තීරණය කර ඇති බවයි.

MonaraMonara

ඡායාරූපය : thedailystar.net

Colombo (Monara) June 06 - බංග්ලාදේශයේ විශාලතම ගල් අඟුරු බලාගාරයක් වසා දැමීමට එරට රජය පියවර ගෙන ඇති බව විදෙස් මාධ්‍ය අනාවරණය කරනවා.

මෙලෙස වසා දමා ඇත්තේ බංග්ලාදේශයේ දකුණු කොටසේ පිහිටි Payra නම් බලාගාරය යි.

ඊට හේතුව ලෙස බලධාරීන් පෙන්වා දෙන්නේ ආර්ථික අර්බුද හමුවේ ගල් අඟුරු සහ ඉන්ධන ලබාගැනීමට නොහැකිවීම හේතුවෙන් මෙලෙස වසා දැමීමට තීරණය කර ඇති බවයි.

වසා දැමීමට පෙර එහි නිෂ්පාදනය අඩු කර තිබූ බවත් සඳහන්.

එහි කළමණාකරු ෂා අබ්දුල් මවුලා (Shah Abdul Mawla) විදෙස් මාධ්‍ය හමුවේ පවසා තිබුණේ ඉදිරි සති තුනක් වැනි කාලයක් ඇතුළත ගල් අඟුරු නෞකා පැමිණීමෙන් පසුව යළි විදුලි නිෂ්පාදන කටයුතු යථා තත්වයට පත් කිරීමට සැලසුම් කර ඇති බව‍යි.

එමෙන්ම ගෙවුණු සති කිහිපය තුළ එරට දිනකට පැය පහක් දක්වා විදුලි ඇනහිටීම් පැවති බවත් විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.