ඔස්ට්‍රේලියා ආර්ථිකය කාන්තාවක් අතට: අභියෝග රැසකට උත්තර දීමටත් ඇයට සිදුවෙලා

MonaraMonara

photo - rba.gov.au

1960 වසරේ ඔස්ට්‍රේලියා මහ බැංකුව ආරම්භ කිරීමෙන් පසුව එය ප්‍රථම වරට කාන්තාවක් අතට පත්වනු ඇති.

මේ වනවිට මහබැංකු අධිපති ලෙස සේවය කරන Philip Lowe ගේ සේවා කාලය ලබන සැප්තැම්බර් මාසයෙන් අවසන් වීමට නියමිතව ඇති අතර, ඉන් පසු වසර 07 ක සේවා කාලයක් සඳහා, ඔස්ට්‍රේලියාවේ මහබැංකු අධිපති ලෙස Michele Bullock සැප්තැම්බර් 18 වනදා පත්වනු ඇති.

ඇයගේ පත්වීම සිදු වන්නේ ඔස්ට්‍රේලියාව ඉහළ යන භාණ්ඩ මිල ගණන් සමඟ පොරබදමින් විශාල ආර්ථික කම්පනයකට මුහුණ දී සිටින පසුබිමකයි.

ඔස්ට්‍රේලියාවේ ඉහළ යන උද්ධමනය මැඩපැවැත්වීමට පසුගිය දශකයක කාලයකදී පැනවූ ඉහළම බැංකු පොලී අනුපාතයද මේ දිනවල පනවා තිබෙනවා.

ඔස්ට්‍රේලියානු මූල්‍ය සේවා කර්මාන්තය පුරුෂ මූලික වන අතර ස්ත්‍රී - පුරුෂ වැටුප් පරතරය ඉතා ඉහළ අගයක් ගන්නා බව සඳහන්.

මේ වනවිට ඔස්ට්‍රේලියානු මහ බැංකුවේ නියෝජ්‍ය අධිපතිනිය ලෙස සේවය කරන Michele Bullock, මීට දශක හතරකට පෙර මහබැංකුවට එක්වී ඇත්තේ, බැංකු දත්ත විශ්ලේෂකවරියක් ලෙසයි.

ගැටලුකාරී ආර්ථික තත්වය විසඳාගෙන යහපත් මූල්‍ය වපසරියක් කඩිනමින් ඇතිකර ගැනීමට තම කණ්ඩායම සහය ලබා දෙනු ඇතැයි තමන් විශ්වාස කරන බව Michele Bullock පවසා තිබෙනවා.