ඉන්දුනීසියාවේ භූ කම්පනයක්: ප්‍රබලත්වය රික්ටර් මාපකාංක 5.2ක්
ඉන්දුනීසියාවෙන් රික්ටර් මාපකයේ 5.2 ක ප්‍රබල භූ කම්පනයක් අද වාර්තා වූ බව අමෙරිකා එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ ආයතනය පවසනවා.
ඉන්දුනීසියාවේ Tual සිට කිලෝමීටර් 142 ක් පමණ දුරින් එහි කේන්ද්‍රය සටහන් වන බවයි ඔවුන් සඳහන් කළේ.
භූ කම්පනයෙන් සිදු වූ ජීවිත හානි හෝ දේපළ හානි පිළිබඳ කිසිවක් මෙතෙක් වාර්තා වී නැහැ.
Tual යනු ඉන්දුනීසියාවේ Maluku පළාතේ පිහිටි නගරයක් වන අතර, එය භූගෝලීය වශයෙන් Kei දූපත් තුළ පිහිටා තිබෙනවා.
මිලියන 270 කට වඩා වැඩි ජනගහනයක් වෙසෙන ඉන්දුනීසියාවට භූ කම්පා, ගිනිකඳු පිපිරීම් සහ සුනාමි අවදානම්වලට නිතර ලක්වන්නේ ඔවුන් "ගිනි වළල්ලේ" පිහිටීම හේතුවෙන්.
ගිනි වළල්ල නොහොත් Circum-Pacific Belt යනු ක්‍රියාකාරී ගිනි කඳු සහ නිරන්තර භූ කම්පාවලින් සංලක්ෂිත කලාපයක්.
එය කිලෝමීටර 40,000 ක් පමණ දිග සහ කිලෝමීටර් 500 ක් පමණ පළල අශ්ව ලාඩමක් වැනි පටියක් වන අතර එය ලෝකයේ මුළු ගිනි කඳු වලින් තුනෙන් දෙකක් සහ පෘථිවියේ භූ කම්පාවලින් සියයට 90 ක් නියෝජනය කරනවා.