ජපානයේ ගොවීන්ගෙන් අලුත් පළතුරක්: ගෙඩියක් රුපියල් 7047 යි

MonaraMonara

"ලෙමන් කොමඩු" පළතුර. ඡායාරූපය - mymodernmet.com

ජපානයේ හොකයිඩෝ හි ගොවීන් නව පළතුරක් නිර්මාණය කර තිබෙනවා.

ලෙමන් සහ පැණි කොමඩු ශාකය එක් කිරීමෙන් දෙමුහුම් පළතුරක් මෙලෙස ඔවුන් නිර්මාණය කර ඇති අතර, එය වටකුරු සහ ඉස්ම සහිත, කොමඩු මෙන් පැණි රස සහ ලෙමන් වැනි තරමක් ඇඹුල් බැවින් එය දැනට "ලෙමන් කොමඩු" ලෙස හඳුන්වා දී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

එය කොමඩු ගෙඩියක් ලෙස පෙනුණත්, එහි ඉරි දක්නට නැහැ. ඇතුළත සුදු වර්ණයෙන් යුක්තයි.

නව පළතුර හොකයිඩෝ (Hokkaido) හි ගොවීන් පස් දෙනෙකු විසින් සීමිත ප්‍රමාණයක් වගා කර ඇති බව සඳහන්.

ඔවුන් මෙම වසරේදී ලෙමන් කොමඩු 3,800 ක් පමණ වගා කිරීමට අපේක්ෂා කරන අතර, එය අගෝස්තු මස අවසානයේදී සුපිරි වෙළඳසැල්වල අලෙවි කිරීමටයි සැලසුම් කර ඇත්තේ.

එහි මිල ඔවුන් නියම කර ඇත්තේ ජපන් යෙන් 3,220 නැතහොත් අමෙරිකානු ඩොලර් 22 ක් ලෙසයි.

ශ්‍රී ලංකා රුපියල්වලින් එහි අගය වනු ඇත්තේ රුපියල් 7047 ක්.

ඒ අනුව මෙය ජපානයේ සුඛෝපභෝගී වෙළෙඳපොළට එක්වන අලුත්ම පළතුර ලෙසයි විදෙස් මාධ්‍ය තවදුරටත් වාර්තා කළේ.

ඡායාරූපය - krishijagran.comඡායාරූපය - krishijagran.com

"ලෙමන් කොමඩු" පළතුර. ඡායාරූපය - krishijagran.com

ඡායාරූපය - BBCඡායාරූපය - BBC

"ලෙමන් කොමඩු" පළතුර. ඡායාරූපය - BBC