යුද බිමේ වීරයෙකු ඓතිහාසික අපරාධ නඩුවකින් පරාද වෙයි: ඇෆ්ගනිස්ථාන යුද පෙරමුනේ දී ඔහු යුද අපරාධ සිදු කළ බවට පුවත්පත් සමාගම් තුනක් චෝදනා එල්ල කර තිබුණා.

MonaraMonara

Ben Roberts-Smith ඡායාරූපය - BBC

Colombo (Monara) June 01- ඔස්ට්‍රෙලියානු යුද ඉතිහාසයේ විශිෂ්ට ජ්‍යේෂ්ඨ යුද නිලධාරියෙකු ලෙස සැලකෙන බෙන් රොබට්ස් ස්මිත් ඔහු ගොනු කර තිබූ අපරාධ නඩුවක් පරාජයට පත් වී තිබෙනවා.

ඇෆ්ගනිස්ථාන යුද පෙරමුනේ දී ඔහු යුද අපරාධ සිදු කළ බවට පුවත්පත් සමාගම් තුනක් චෝදනා එල්ල කර තිබුණා.

එම චෝදනාවලට පිළිතුරු වශයෙන් බෙන් රොබට්ස් විසින් එරට අධිකරණයේ පුවත්පත් සමාගම්වලට එරෙහිව නඩු පවරා තිබුණු බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

මෙම නඩුව ඓතිහාසික නඩුවක් බවට පත්ව ඇති බවත්, මෙම යුද නිලධාරියා අපරාධ නඩුව පරාජයට පත් වී ඇති බවත් වාර්තා වනවා.

ඔහුට එරෙහිව පුවත්පත් සමාගම් චෝදනා කර ඇත්තේ නිරායුධ සිරකරුවන් ඝාතනය කළ බවට චෝදනා කරමිනුයි.

මෙවැනි නඩුවක් සිවිල් අධිකරණයක් යටතේ හමුදාවට එරෙහිව සලකා බැලූ ප්‍රථම අවස්ථාව ලෙසටයි එරට ඉතිහාසගත වන්නේ.

රොබට් ස්මිත් හට ඇෆ්ගන් යුද බිමේ දී එල්ල වී ඇති මිනීමැරුම් චෝදනා හයක් වන අතර ඉන් හතරක් අධිකරණයේ දී ඔහු ප්‍රතික්ෂේප කළා.

කෙසේවෙතත් මොහු යුද බිමේ දී සිරකරුවන් හට හිරිහැර කිරීම්, පීඩනයන් එල්ල කළ බවටයි අධිකරණයේ දී සනාථ වූයේ.

2013 වර්ෂයේ දී රොබට් ස්මිත් එරට ආරක්ෂක හමුදාවෙන් ඉවත් වූයේ කිසිදු චෝදනාවක් හෝ එල්ල නොවීමෙන් බව ද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

44 හැවිරිදි මෙම යුද නිලධාරියා අද දිනයේ දී අධිකරණයට පැමිණ නොසිටි බවටත් වාර්තාවනවා.

රොබට් යනු 2011 දී රටේ ඉහළම හමුදා සම්මානය වන වික්ටෝරියා ක්‍රොස් සම්මානයෙන් ද පිදුම් ලැබූවෙක්.

නමුත් 2009 සිට 2012 දක්වා කාලය තුළ Sydney Morning Herald, The Age සහ The Canberra Times විසින් රොබට් ස්මිත් යුද අපරාධ කළ බවට සඳහන් කරමින් ප්‍රවෘත්ති පළ කිරීමත් සමග මෙම ගැටුම් ඇති වුණා.

කෙසේවෙතත් රොබට්ට චෝදනා එල්ල කළ පුවත් සමාගම් හට ඔහු මිනීමැරුම් හතරක් නොකළ බවත් දෙකක් පමණක් සිදු කර ඇති බවත් උසාවිය හමුවේ සනාථ කිරීමට හැකි වූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.