මෙක්සිකෝවේ මිටියාවතක මිනිස් ශරීර කොටස් සහිත මළු 45 ක්: මෙක්සිකෝවේ ග්වඩලහාරා මිටියාවතෙන් මිනිස් ශරීර කොටස් සහිත මළු 45 ක් හමු වී තිබෙනවා.

MonaraMonara

මෙක්සිකෝවේ මිටියාවතක මිනිස් ශරීර කොටස් සහිත මළු 45 ක්

මෙක්සිකෝවේ ග්වඩලහාරා මිටියාවතෙන් මිනිස් ශරීර කොටස් සහිත මළු 45 ක් හමු වී තිබෙනවා.

එම සිරුරු කොටස් අතර පිරිමි මෙන්ම කාන්තා ශරීර කොටස් ද ඇති බවයි වාර්තා වන්නේ.

පසුගිය මැයි මස 20 සහ 22 අතර දිනකදී මෙක්සිකෝවේ ග්වඩලහාරා ඇමතුම් මධ්‍යස්ථානයක දී අතුරුදන් වූ සේවකයින් 07 දෙනෙකුගේ සිරුරු කොටස් ද ඒ අතර තිබිය හැකි බව පොලිසිය අනුමාන කරනවා.

ඒ, ඇතැම් සිරුරු කොටස්වල භෞතික ලක්ෂණ, අතුරුදන් ඇතැම් සේවකයින්ගේ ශරීර ලක්ෂණවලට සමාන වීම හේතුවෙන්.

කෙසේ වෙතත් මෙම මළු තුළ කොපමණ සිරුරු ප්‍රමාණයක් තිබුණේදැයි සහ මළ සිරුරුවල අනන්‍යතාවය මෙතෙක් තහවුරු කරගෙන නැහැ.

සාමාන්‍යයෙන් මෙක්සිකෝවේ වසරකට ලක්ෂයක් පමණ අතුරුදන්වීම් වාර්තා වන අතර ලොව ඉහළම මිනීමැරුම් අනුපාතයක් ඇති රටක් ලෙස ද සැලකෙනවා.