උතුරු කොරියාවෙන් මිසයිල ප්‍රහාර 02 ක්: උතුරු කොරියාව සිය නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශයට කෙටි දුර මිසයිල ප්‍රහාර 02 ක් එල්ල කර තිබෙනවා.

MonaraMonara

උතුරු කොරියාවෙන් මිසයිල ප්‍රහාර 02 ක්

Colombo (Monara) June 16 - උතුරු කොරියාව සිය නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශයට කෙටි දුර මිසයිල ප්‍රහාර 02 ක් එල්ල කර තිබෙනවා.

දකුණු කොරියාව සහ අමෙරිකාව සිදු කරන ඒකාබද්ධ යුද අභ්‍යාසවලට විරෝධය පළ කිරීමක් වශයෙන් නොවැළැක්විය හැකි ප්‍රතිචාරයක් ලබාදෙන බවට උතුරු කොරියාව අනතුරු අඟවා පැයකට අඩු කාලයක් තුළ මෙම ප්‍රහාර දෙක එල්ල කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

එම මිසයිල 02 ජපානයේ සුවිශේෂී ආර්ථික කලාපය ලෙස සැලකෙන ජපාන මුහුදට වැටී ඇති බව, ජපාන ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනය කර තිබෙනවා.

උතුරු කොරියාවේ මෙම මිසයිල ප්‍රහාර එල්ල කිරීම් අමෙරිකාව, ජපානය සහ දකුණු කොරියාව විසින් තරයේ හෙළා දැක තිබෙනවා.

මෙම මිසයිල මුදා හැරීම් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයේ බහුවිධ යෝජනා පැහැදිලි ලෙස ම උල්ලංඝනය කිරීමක් වන අතර, ජාත්‍යන්තර සාමයට සහ ආරක්ෂාවට ද තර්ජනයක් බවයි, එම රටවල් උතුරු කොරියාවට චෝදනා කර සිටින්නේ.