ලොව පළමු වාණිජ මානවරූපී රොබෝවරයා: නුදුරේදීම කර්මාන්ත ශාලාවල වැඩ භාරගන්න සැරසෙන ඇපලෝ

MonaraMonara

ඡායාරූප : APPTRONIK

රොබෝ තාක්ෂණය පිළිබඳව නව තොරතුරු හොයන ඔබට හඳුන්වා දෙන අලුත් අමුත්තා තමයි ''ඇපලෝ'' (Apollo).

ඇපලෝ Apptronik නිමැවුමක්.

නව තාක්ෂණයේ උපරිමය අතික්‍රමණය කරන Apptronik විසින් ඔවුන්ගේ නවතම මානව රූපී රොබෝ වන ''ඇපලෝ'' (Apollo) සඳහා සැලසුම නිර්මාණය කර ඇත්තේ NASA හි Valkyrie රොබෝවරයා ඇතුළුව පෙර රොබෝවරුන් 10කට අධික ප්‍රමාණයක් තැනීම සඳහා වූ අත්දැකීම් සහ විශේෂඥතා දැනුම උපයෝගී කරගෙන බවයි සඳහන්.

ඒ අනුව ඇපලෝ නුදුරු කාලීනව ගබඩාවල සහ නිෂ්පාදන කම්හල්වල ක්‍රියාත්මක වනු ඇති බවයි වාර්තා වන්නේ.

නුදුරු අනාගතයේ ඉදිකිරීම්, ඉලෙක්ට්‍රොනික නිෂ්පාදන, සිල්ලර වෙළඳාම, වැඩිහිටි රැකවරණය සහ තවත් ක්ෂේත්‍ර ගණනාවක ''ඇපලෝ'' ක්‍රියාත්මක වනු ඇති.

ඇපලෝ යනු මිත්‍රශීලී අන්තර්ක්‍රියා දක්වන, මහා පරිමාණ නිෂ්පාදන හැකියාවක් සහිතව නිර්මාණය කරන ලද ''පළමු වාණිජ මානවරූපී රොබෝවරයා'' යි.

රොබෝවරයා මනවයාගේම අනුරුවක් වන අතර අඩි 5, අඟල් 8 (මීටර් 1.7) උස සහ රාත්තල් 160 ක (කිලෝග්‍රෑම් 72.6) බරින් යුක්ත වන බවයි සඳහන්.

එමෙන්ම ඇපලෝට රාත්තල් 55ක් (කිලෝග්‍රෑම් 25ක්) එසවිය හැකි අතර එය මහා පරිමාණ නිෂ්පාදනයන් කිරීමට සහ මිනිසුන් සමඟ ආරක්ෂිතව වැඩ කිරීමට සැලසුම් කර ඇත.

රොබෝවරයාට පැය 22ක වැඩ දිනයක් සඳහා ක්‍රියාත්මක විය හැකි පරිදි පැය හතරක බැටරියක් ඇති බවයි සඳහන්.

ඡායාරූප : APPTRONIKඡායාරූප : APPTRONIK

ඡායාරූප : APPTRONIK

රොබෝවරයාගේ පපුව මත ඩිජිටල් පැනලයක් ඇති අතර එමඟින් ඉතිරිව ඇති බැටරි ආයු කාලය, එය දැනට ක්‍රියාත්මකව ඇති කාර්යය, එය අවසන් වන්නේ කවදාද කීයටද සහ ඊළඟට කරන්නේ කුමක්ද යන්න පිළිබඳව පැහැදිලි සන්නිවේදනයක් සපයනු ඇති.

ඇපලෝට එය යන්නේ කොතැනටදැයි දැක්වීමට හිස හරවා ගැනීම වැනි චේතනාන්විත චලනයන් ද සිදුකළ හැක..

ඡායාරූප : APPTRONIKඡායාරූප : APPTRONIK

ඡායාරූප : APPTRONIK

ඇපලෝ නිර්මාණයේ මූලික ඉලක්කය වන්නේ ශ්‍රම හිඟයට විසඳුම් ලබාදීමෙන් සැපයුම් දාමය වැඩිදියුණු කිරීම සඳහා වැඩ කිරීමට යෙදවීම බවයි නිර්මාණකරුවන් පවසන්නේ.

නමුත් Apptronik කණ්ඩායමට ඇපලෝ සඳහා ඊටත් වඩා දිගුකාලීන දැක්මක් ඇති අතර එය අවම වශයෙන් ඉදිරි දශකය දක්වා විහිදෙන බවයි සඳහන්.

“අපේ ඉලක්කය වන්නේ පෘථිවියේ අපට උපකාර කිරීමට, අපට අවශ්‍ය සියලුම දේ කිරීමට බහුකාර්ය රොබෝවරුන් තැනීම සහ අවසානයේ එක් දිනක් සඳ, අඟහරු සහ ඉන් ඔබ්බට ගවේෂණය කිරීමයි” යන්නෙන් Apptronik හි සම නිර්මාතෘ සහ ප්‍රධාන විධායක නිලධාරී Jeff Cardenas පවසනවා.

ඡායාරූප : APPTRONIKඡායාරූප : APPTRONIK

ඡායාරූප : APPTRONIK

ඇපලෝ සාමාන්‍ය මෝටර් රථයක මිලට වඩා අඩු වනු ඇති බවත් සඳහන්.

මෙම වසරේදී Apptronik අවධානය යොමු කර ඇත්තේ ඇපලෝ මඟින් ඔවුන්ගේ සැපයුම් වැඩිදියුණු කළ හැකි ආකාරය පිළිබඳව උනන්දුවක් දක්වන වාණිජ ගනුදෙනුකරුවන් සහ නිෂ්පාදකයින් සුරක්ෂිත කිරීමයි.

ඒ අනුව සමාගම 2024 අවසානය වන විට පූර්ණ වාණිජ නිෂ්පාදනයක් කිරීමට අපේක්ෂා කරන බවයි සඳහන් වන්නේ.

ඇපලෝ, පෙට්ටි ගෙනයාම සහ කරත්ත තල්ලු කිරීම වැනි සරල කාර්යයන් කරමින් කර්මාන්තශාලා සහ ගබඩා සැකසුම් තුළ සිය කටයුතු ආරම්භ කර කාලයත් සමඟ නව මාදිලි සහ යාවත්කාලීන කිරීම් හරහා වැඩි වනු ඇති.