Huawei යළි හිස ඔසවයි: පසුගිය වසරේ ඩොලර් බිලියන 98 ක ආදායමක්
ගතවූ 2023 වසරේදී Huawei සමාගම අමෙරිකානු ඩොලර් බිලියන 98.5ක පමණ ආදායමක් අපේක්ෂා කරන බව, එම සමාගමේ නියෝජ්‍ය සභාපතිවරයා අලුත් අවුරුදු පණිවුඩයකින් පවසා තිබෙනවා.
Huawei සමාගමට අමෙරිකා එක්සත් ජනපදය මගින් පනවා ඇති සම්බාධක මධ්‍යයේ වුව ද මෙවැනි ආදායමක් වාර්තා කිරීම, සැලකිය යුතු වර්ධනයක් බවයි Reuters පුවත් සේවය වාර්තා කර ඇත්තේ.
Huawei සමාගම විසින් Mate 60 Smartphone lineup නිකුත් කිරීමෙන් පසු මෙම වේගවත් දියුණුව වාර්තා වී තිබෙනවා.
පසුගිය සැප්තැම්බර් මස අවසානය වනවිට චීන Smartphone වෙළඳපොළෙන් 14%ක කොටස් ග්‍රහණය කරගැනීමට ද Huawei සමාගම සමත් වී තිබීම විශේෂත්වයක්.