Elon Muskගේ අලුත්ම "AI" සෙල්ලම: Grok ගැන තොරතුරු මෙන්න

MonaraMonara

Elon musk, Twitter මිලදී ගැනීමත් සමග එහි වෙනස්කම් කිහිපයක්ම සිදුකළා.

ඒ අනුව Twitter, X ලෙස Rebrand වුණු බව මේ වෙද්දි හැමෝම දන්නා දෙයක්.

ඉතිං, Elon Musk මේ X නාමය යටතේම "X-AI" නමින් නව Artificial Intelligence සම්බන්ධ project එකක් එළි දක්වන්න මේ වෙද්දි කටයුතු කරලා තියෙනවා.

"Grok" කියන්නෙ, එම X-AI Project එක මගින් හඳුන්වා දුන්නු Generative Language Model එක.

Grokහි තියෙන විශේෂත්වය තමයි, Xහි පළ කිරීම්වලින් Realtime තොරතුරු ලබාගෙන ඒකෙ ප්‍රතිචාරවලට එකතු කිරීමට තියෙන හැකියාව. මේ මගින්, නිවැරදි විදිහට ප්‍රශ්නවලට ගුණාත්මක පිළිතුරු ලබාදෙන්න Grokට හැකියාව තියෙනවා.

මතභේදාත්මක ප්‍රශ්නවලට, අනෙකුත් AI Generative Models එක්ක සංසන්දනය කරද්දි, වඩා Open Minded විදිහට පිළිතුරු දෙන්නත් Grok හට හැකියාව තියෙනවා කියලා වාර්තා වෙනවා.