කැලිෆෝර්නියාවේ ළැව්ගිනි හඳුනාගන්න කෘතිම බුද්ධිය: ප්‍රාන්තය පුරා කැමරා 1000 ක්

MonaraMonara

කැලිෆෝර්නියාවේ ළැව්ගිනි හඳුනාගැනීමට කෘතිම බුද්ධිය භාවිත කිරීමට ප්‍රාන්තයේ ගිනි නිවන භටයින් පියවර ගෙන තිබෙනවා.

ළැව්ගින්නක් ඇතිවූ වහාම ඒ බව දැකගැනීම සඳහා ප්‍රාන්තය පුරා කැමරා 1000 ක් ස්ථානගත කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

එම සියළු වීඩියෝ දර්ශන එකම ස්ථානයකින් දැකබලා ගැනීම සඳහා තාක්ෂණික යන්ත්‍රයකට සම්බන්ධ කර ඇති අතර, ගින්නක් හටගත් වහාම අදාළ යන්ත්‍රය මගින් අනතුරු ඇඟවීමේ සංඥා ලබාදෙන බව ද වාර්තා වනවා.

පසුගිය මාසයේ දිනයක අලුයම 03 ට පමණ, සැන් ඩියාගෝ නගරයට නැගෙනහිරින් කිලෝ මීටර 80 ක පමණ දුරින් පිහිටි ක්ලීව්ලන්ඩ් ජාතික වනෝද්‍යානයේ හටගත් ගින්නක් ද එම කැමරාවකින් දැකගත හැකිව තිබෙනවා.