AI හි උපතෙන් ගෝලීය ‍රැකියා වෙළෙඳපොළ විනාශ නොවන බවට ප්‍රකාශයක්: බොහෝ විද්වතුන් පවසන පරිදි AI මගින් සදහට ම රැකියා විනාශ කරන බවට පැතිරෙන දූසමාන ආරංචිය සම්පූර්ණයෙන් ම සාවද්‍ය බවයි යෑන් ලෙකුන් පවසන්නේ.

MonaraMonara

මෙටා විද්‍යාඥ Yann LeCun ඡායාරූපය සහ මූලාශ්‍රය - www.bbc.com

Colombo (Monara) June 16 - මේ දිනවල ලෝකයම වැඩි අවධානයක් යොමු කර ඇති කෘත්‍රිම බුද්ධිය නැතහොත් AI තාක්ෂණයේ ආගමනය කිසිම ලෙසකින් මිනිස් චින්තනයට හෝ රැකියා වෙළෙඳපොළට මරු පහරක් එල්ල නොකරන බවට මෙටා විද්‍යාඥ Yann LeCun පවසනවා.

බොහෝ විද්වතුන් පවසන පරිදි AI මගින් සදහටම රැකියා විනාශ කරන බවට පැතිරෙන දූසමාන ආරංචිය සම්පූර්ණයෙන් ම සාවද්‍ය බවයි යෑන් ලෙකුන් පවසන්නේ.

AI තාක්ෂණය කිසිම ලෙසකින් ලෝකය බිලි නොගන්නා බවට තමන් දැඩිව විශ්වාස කරන බව ද යෑන් කියා සිටියා.

BBC මාධ්‍ය වාර්තා කරන පරිදි යෑන්ගේ මතය වන්නේ, AI මනුෂ්‍යත්වයට තර්ජනයක් නොවන බවත්, ඇතැම් ප්‍රවීණයින්ගේ මනස්ගත භීතිකාවන් තමන් දකින්නේ විකාර රූපී සහ හාස්‍යජනක අදහස් ලෙසින් බවයි.

2018 වර්ෂයේ දී මහාචාර්‍ය LeCun 'AI' තාක්ෂණය වෙනුවෙන් Geoffrey Hinton සහ Yoshua Bengio සමඟ එක්ව Turing සම්මානය දිනාගත්තා.

මේ හේතුවෙන් ඔවුන් සම්මානයෙන් පසුව "AI හි ගොඩ් ෆාදර්ස්" ලෙස ප්‍රසිද්ධ වූ බව ද විදෙස් මාධ්‍ය පවසනවා.