‌නාවික හමුදාවට යෝගා අභ්‍යාස: නාවිකයින් 26 දෙනෙකුට සහතිකපත්

MonaraMonara

Images - Sri lanka Navy

කලාකීර්තී යෝගා ආචාර්ය අනෝජා වීරසිංහ මහත්මිය විසින් මෙහෙයවන ලද, යෝගා පුහුණු උපදේශකයින් පුහුණු කිරීමේ වැඩසටහනෙහි සමාප්ති උළෙල ඊයේ වැලිසර, ශ්‍රී ලංකා නාවික නෞකා ගැමුණු ආයතනයේ කොමාණ්ඩර් පරාක්‍රම සමරවීර ගෘහස්ථ ක්‍රීඩාගාරයේදී පැවැත්වුණා.

ඒ, නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී රියර් අද්මිරාල් ජයන්ත කුලරත්න මහතාගේ ප්‍රධානත්වයෙන්.

Images - Sri lanka Navy Images - Sri lanka Navy

Images - Sri lanka Navy

නාවික හමුදාව තුළ යෝගා අභ්‍යාස ප්‍රචලිත කිරීමේ අරමුණින්, ශාරීරික අභ්‍යාස උපදේශක නාවිකයන් වෙනුවෙන් මෙම වැඩසටහන ආරම්භ කෙරුණා.

Images - Sri lanka Navy Images - Sri lanka Navy

Images - Sri lanka Navy

පසුගිය අගෝස්තු මස 07 වැනි දින ආරම්භ කෙරුණු මෙම යෝගා පුහුණු උපදේශක වැඩසටහන සඳහා නාවික හමුදා ශාරීරික අභ්‍යාස උප‍දේශක නාවිකයන් 26 දෙනෙකු සහභාගී වුණා.

Images - Sri lanka Navy Images - Sri lanka Navy

Images - Sri lanka Navy

Images - Sri lanka Navy Images - Sri lanka Navy

Images - Sri lanka Navy

පුහුණු වැඩසටහන සාර්ථකව නිම කළ ශාරීරික අභ්‍යාස උපදේශක නාවිකයන් වෙනුවෙන් සහතික පත් ප්‍රදානය කිරීම සිදුකෙරුණේ, නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී රියර් අද්මිරාල් ජයන්ත කුලරත්න මහතා විසින්.